27.8 C
Colombo
2026-09-29
mediahumanrights.lk
International NewsNews

දේශපාලන අර්බුදය මැද චීන දූත පිරිසක් නේපාලයේ හදිසි සංචාරයක

නේපාලයේ පාලක කොමියුනිස්ට් පක්ෂය තුළ හටගෙන ඇති බෙදීමත් සමග මතුව ඇති දේශපාලනය අර්බුදය මධ්‍යයේ  චීන කොමියුනිස්ට් පක්ෂයේ උප අමාත්‍යවරයෙකු වන ජියූ ගියුෂු ප්‍රමුඛ ඉහළ පෙලේ දූත පිරිසක් එරට තුළ හදිසි සංචාරයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නේපාලයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ අභ්‍යන්තර  අර්බුදය විසදීම සදහා මැදිහත්වීම මෙම සංචාරයේ අරමුණ බව   අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වේ.

නේපාල කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන  අග්‍රාමාත්‍ය ෂර්මා ඔලිගේ සහ එම පක්ෂයේ විධායක සභාපති හිටපු අගමැති පුෂ්ප කමල් දහාල් හෙවත් ප්‍රචණ්ඩාගේ පාර්ශ්වයන් අතර හටගෙන ඇති අර්බුදය හේතුවෙන්  වනවිට පක්ෂය දෙකඩ වීමේ අනතුරක් මතුව තිබේ.

අර්බුදය මැද අගමැති ෂර්මා ඔලි එරට පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස කළ ඉල්ලීමකට අනුව ජනාධිපති බිද්යා දේව් බණ්ඩාරි විසින් පාර්ලිමේන්තුව විසුරැවා හැර ඇති අතර ලබන වසරේ අප්‍රියෙල් 30 සහ මැයි 10 අතර නව මහ මැතිවරණයක් පැවැත්වීමට යෝජනා කර ඇත.

මෙි අතර චීනය එරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන බව සදහන් කරමින් , චීන දූත පිරිසේ සංචාරයට එරෙහිව නේපාලයේ කත්මන්දු අගනුවර විරෝධතායක්ද පැවති බව එරට මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Related posts

ගිනි ගත් නෞකාවෙන් සාගරයට වුණු හානිය අනාවරණය වෙයි

Shiran Viraj

“බීමත්” චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගත් වෙදආරච්චි – පරීක්ෂණයෙන් හෙළිවෙයි මත්පැන් පානයක් නොමැති බව

Shiran Viraj

මහනුවරින් දිලුම් පළමු තැනට

Shiran Viraj
Translate »