26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 05ක සංචරණ සීමා පනවයි

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05ක් සඳහා අද (06) සවස 5.00 සිට සංචරණ සීමා පැනවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස සංචරණ සීමා පනවා ඇත්තේ තලාපිටිය, ඇත්තිලිගොඩ දකුණ, දෙද්දුගොඩ උතුර, මකුළුව හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරී වසම් වලටය.

මෙම ග්‍රාම නිලධාරී වසම් ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් වසංගතය පැතිරීයාමේ අවදානමක් ඇති බැවින් මෙම තීරණය ගෙන ඇත. සෞඛ්‍ය අංශ පවසන්නේ එම ගම්මානවල පදිංචිකරුවන් විශාල පිරිසකට පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට සිදුව ඇති බැවින් මෙලෙස සංචරණ සීමා පැනවීමට සිදුවන බවයි.

Related posts

සජිත්ගේ හිතුමගේ කතාවෙන් SJB ගාලගෝට්ටියක්..

Shiran Viraj

නව ව්‍යවස්ථාව වසරකින් ගේනවා – අධිකරණ ඇමති අවුරුදු දෙකේ කාල රාමුව වෙනස් කරයි

Shiran Viraj

ඉන්ධන නෑ.. පොලිසියට පාපැදි බෙදයි…

Shiran Viraj
Translate »