mediahumanrights.lk
Local NewsNews

රෝහල් ගතව සිටින කොවිඩ් ආසාදිතයින් ගණන 7,000 ඉක්මවයි

අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 649ක් වාර්තා වී තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකාය සඳහන් කර සිටිනවා.

අද වාර්තා වූ ආසාදිතයින් අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට අයත් 451ක්, බන්ධනාගාර පොකුරෙන් ආසාදිතයින් 197 දෙනෙකු සහ ඊට අමතරව විදේශගතව සිට පැමිණි අයෙකු ද ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇත.

අද දිනය වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 27,877ක් වාර්තා වී තිබෙන අතර ඉන් සුවය ලද සංඛ්‍යාව 20,460ක් වනවා . රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,280ක්.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 24,322ක් වනවා.

newswire

Related posts

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී..

Shiran Viraj

බුස්ස බන්ධනාගාර රැඳවියන්ගේ ආහාර වර්ජනය අවසන්

Shiran Viraj

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි…

Shiran Viraj
Translate »