31.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

මහනුවර සුළු භුකම්පනයක් : බුරවි දුර්වල වුවත් රටේ කාළගුණයට තවදුරටත් බලපෑම්

මහනුවර, දිගන ප‍්‍රදේශයෙන් අද අලූයම ද සුළු භූ කම්පන තත්ත්වයක් දැනී ඇතැයි ජනතාව දැනුම්දුන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මීට පෙරද අවස්ථා කිහිපයකදී දිගන ප‍්‍රදේශයෙන් සුළු කම්පන තත්ත්වන් වාර්තා වුණා. අවසන් වරට එහි භූකම්පන තත්ත්වයක් වාර්තා වුණේ ඉකුත් නොවැම්බර් 18 වනදායි. එහි ප‍්‍රබලත්වය අඹකොටේ, දිගන, කුණ්ඩසාලේ ප‍්‍රදේශයේ ජනතාවටද දැනී තිබුණා.

මේ අතර මන්නාරම බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා දුර්වල වී එම මුහුදු ප‍්‍රදේශය ආශ‍්‍රිතවම මන්නාරමට කිලෝමීටර් 145ක් බටහිර දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් බුරවි සුළි කුණාටුව දුර්වල වුවද උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් අනුරාධපුර සහ ත‍්‍රීකුණාමලය දිස්ත‍්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි ප‍්‍රකාශ කෙරුණේ.

උතුරු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 පමණ තද වැසි අපේක්ෂා කරනවා. සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල, මාතර, අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව යන දිස්ත‍්‍රික්කවලටත් වැසි ඇති විය හැකියි. 

tharunaya news

Related posts

සිරිපා කරුණාවට විශේෂ දුම්රියක් අද සිට

Shiran Viraj

මහ බැංකුව පොහොසත් වෙයි.. මාස හතරකට ඩොලර් තිබේ..

Shiran Viraj

අද සිට ආදායම් බදු වෙනස් වන්නේ මේ ආකාරයටයි

Shiran Viraj
Translate »