26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

දීපවාලි දිනය අද – සැමරුම් නිවසට සීමා කරන්නැයි හින්දු පූජකවරුන්ගෙනුත් ඉල්ලීම්

ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපවාලි උත්සවය සමරනවා.

දීපවාලි දිනයේදී හින්දු බැතිමතුන් අවිද්‍යාවේ අන්ධකාරය පරදා, ප‍්‍රඥාවේ ආලෝකය අපේක්ෂාවෙන් පුද පූජාවන්හි නිතර වනවා.

කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර නිවෙස්වලට වී දීපවාලි උත්සවය සමරන ලෙසයි හින්දු ආගමික නායකයින් හින්දු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. 

සියළු දනන්ගේ සිත් සතන් ආලෝකමත් වේවා යන ප‍්‍රාර්ථනය ගැබ් කරගත් දීපවාලි දිනය එකිනෙකා වෙත හෘදයාංගම සුභාසිංශන පිරිනමමින් සෙනෙහස හා දයාව බෙදා ගන්නා සංස්කෘතික උළෙලක් ලෙස වැදගත්කමක් උසුලන බවයි, දීපවාලි දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ පණිවුඩයක දැක්වෙන්නේ.

ඒ අර්ථයෙන් ගත් කළ සහෝදරත්වයේ අපේක්ෂාව පෙරදැරිව වාර්ගික හා ආගමික සංහි`දියාවත් අන්‍යොන්‍ය අවබෝධයත් වර්ධනය කරනු වස් මෙවන් සංස්කෘතිකාංග මනා පිටිවහලක් වන බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. සමස්ත ලෝකයම කොරෝනා වසංගතය නිසා උද්ගත දැවැන්ත අර්බුද රැසකට මුහුණ දී සිටින මේ මොහොතේ, ආගමික වතාවන්හි නිරත වීම මිනිස් හදවත්වලට සැනසිල්ලක්. 

දීපවාලි සමයේ එම සැනසීම වෙනුවෙන් සියළු හින්දු බැතිමතුන් දෙවියන් වෙනුවෙන් කැපවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි ජනාධිපතිවරයා සදහන් කරන්නේ.

එය අප අරමුණු කරගත් යහපත් සමාජයක්, සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් ගොඩ නැගීමට ආශිර්වාදයක් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ දීපවාලි දින පණිවුඩයේ ස`දහන්. මේ ආලෝකයේ මංගල්‍යය සමරන සැමට ඉන් අපේක්ෂිත සතුට, මානසික සහනය සැනසේවා යැයි ප‍්‍රාර්ථනා කරන බව ද එම පණිවුඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා. 

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද දීපවාලි දින පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. දීපවාලි උත්සවය ලෙසින් හ`දුන්වන්නේ පහන හෙවත් අධ්‍යාත්මික ප‍්‍රඥාවේ ආලෝකය ලබාගන්නා දිනයයි.

ජාතික සමගියට එය විශිෂ්ට දිනයකි. සෑම ආගමක පහන් දැල්වීමෙන් සංකේතවත් කරන්නේ මෝහය සහ නොදැනුවත්කම නැමැති අදුර දුරු කර ප‍්‍රඥාව නැමැති ආලෝකය විහිදුවාලීමයි.

දීපවාලි උත්සවයත්, අපේක්ෂාවන්ගෙන් පිරි පහනේ ආලෝකයත් ප‍්‍රජාවන් අතර සමගිය හා සහජීවනය ඇති කිරීමට අවස්ථාව සලසා දෙනු ඇති බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ දීපවාලි දින පණිවුඩයේ වැඩිදුරටත් ස`දහන්.

nethnews

Related posts

ලිංගික අධ්‍යාපනය පාසල් විෂයමාලාවට…- අධ්‍යාපන ඇමති

Shiran Viraj

ආණ්ඩුව මුස්ලිම් මන්ත‍්‍රීන් ගන්න හකීම්-බදියුදීන් සමග සාකච්චා කලා.. ඒ ටිරාන් අලස්ගේ නිවසේදී..

Shiran Viraj

රුව හා ශරීර සෞඛ්‍ය රැකදෙන කෝමාරිකා

Shiran Viraj
Translate »