mediahumanrights.lk
BusinessBusiness NewsNews

ගැසට් කළ පාලන මිල නිසා සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් වී මෝල් හිමියන් පෙන්වයි

රජය ප‍්‍රකාශයට පත් කළ මිළ ගණන් යටතේ වෙළඳපොලට සහල් සැපයීමට නොහැකි බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසනවා. පවත්නා තත්ත්වය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට සහල් නිෂ්පාදනයෙන් ඉවත් වීමට සිදු වන බවයි ඔවුන් පවසන්නේ.

කෙසේවෙතත් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ ප‍්‍රකාශ කළේ වැඩි මිලට සහල් අළෙවි කරන වෙළඳුන් සොයා ලබන සදුදා සිට වැටලීම් ආරම්භ කරන බවයි. ඉකුත්දා නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ දැක්වුණේ කැකුළු සහල් කිලෝ ග‍්‍රෑම් 01 ක උපරිම විකුණුම් මිල රුපියල් 89 ක් ලෙසයි. නාඩු සහල් කිලෝ ග‍්‍රෑම් එකක් සඳහා රුපියල් 92 ක උපරිම විකුණුම් මිලක් නියම කර තිබෙනවා. එම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව සම්බා සහල් කිලෝ ග‍්‍රෑම් 01 ක උපරිම විකුණුම් මිල වන්නේ රුපියල් 94 ක් වනවා. 

nethnews

Related posts

ජනාධිපති වූ පසු මගේ නමින් වරාය, ගුවන් තොටුපල, පාරවල් නම් කරන්නෑ..- අනුර

Shiran Viraj

අජිත් රෝහණ අවදානමෙන් මිදේ.. සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි..

Shiran Viraj

රනිල් විශ‍්‍රාම යන්න සූදානම් කරයි.. මහනාහිමිවරුන් හමු වී ස්තුති කරයි.. විශ‍්‍රාම පහසුකම් සලසන්නැයි මහින්දට දන්වයි..

Shiran Viraj
Translate »