mediahumanrights.lk
Local NewsNews

ගාල්ලෙන් කොරෝනා රෝගින් 121ක්…

ගාල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා කාලය තුලදි වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාවක් වාර් තා වී ඇත්තේ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවත් එම සංඛ්‍යාව 44ක් බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා කාලය තුළදී ගාල්ල නගර සභා බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු, කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයින් 17 දෙනකු අම්බලන්ගොඩ හා රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස තුලින් පිළිවෙළින් කොරෝනා ආසාදිතයින් 10,11 බැගින් වාර් තා වි ඇති බවද හෙතෙම පවසයි.

මෙයට අමතරව,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් රෝගින් වාර් තා වි ඇත්තේ පහකට අඩුවෙන් බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

අදවන විට ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගින් 121 දෙනෙකු වාර් තා වි තිබේ. ඉන් 73 දෙනෙකුම පැළියගොඩ මසුන් වෙළදපොළට සම්බන්ධ ආශ්‍රිතයින් වේ. කොළඹ නැව්තටාංගන පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් 38 දෙනෙකු හා මිනුවන්ගොඩ ඇගලුම් කම්හල් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් 04 දෙනෙකු සිටින බව හෙතෙම පැවසීය.

lankacnews

Related posts

නායකයා වුවද රනිල්ට විධායක අගමැති වෙන්න ඉඩ දෙන්නේ නෑ – එජාප නියෝජ්‍ය ඇමැතිගෙන් රතු එළියක්

Shiran Viraj

ගුරු විරෝධතා පා ගමන කොළඹ බලා.. විසදුමක් නැතොත් තවත් තීව‍්‍ර කරයි.. කොරෝනා පැතිරුනොත් වරද ආණ්ඩුවේ..

Shiran Viraj

පුංචි ඡන්දය පස්සට.. ජනාධිපතිවරණය කැදවයි.. අපේක්‍ෂක රනිල්…

Shiran Viraj
Translate »