mediahumanrights.lk
Local NewsNews

කොළඹ නගරයේ පැල්පත් ඉවත් කිරීම ගැන නිවාස අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට නව නිවාස ලබා දීමෙන් පසු ඔවුන් කලින් පදිංචිව සිටි පැල්පත් හා තාවකාලික නිවාස කඩිනමින් ඉවත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා. කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ එම වැඩපිළිවෙලේ සුළු ප‍්‍රමාදයක් සිදුව ඇති බවයි එම අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ.

බම්බලපිටිය දුම්රියපොළ ආසන්නයේ වෙරළ තීරයේ පදිංචිව සිටි පැල්පත්වාසීන් පිරිසක් ද ඉකුත්දා මෝදර හේනමුල්ල ප‍්‍රදේශයේ නව නිවාස සංකීර්ණයක පදිංචි කරනු ලැබුවා. කෙසේ වෙතත්, ඔවුන් කලින් පදිංචිව සිටි පැල්පත් මේ දක්වා ඉවත් කර නැහැ. ඒ හේතුවෙන් අදාළ පැල්පත්වල වෙනත් පාර්ශවයන් පදිංචි වීම හෝ වෙනත් සමාජ විරෝධී කි‍්‍රයා සිදුවීමේ අවදානමක් පවතිනවා. අදාළ පැල්පත් නිවාස වහාම ඉවත් කරන ලෙස තමන් අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙන බවයි ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා  සදහන් කළේ.  

කොළඹ නගර සීමාවේ පැල්පත් නිවාස 78,000 ක් පමණ පවතින බව මීට පෙර හදුනාගෙන තිබෙනවා. ඒ අතරින් පැල්පත් නිවාස 20,000 ක පමණ පුද්ගලයින් දැනට නව නිවාසවල පදිංචි කර ඇති බව ද නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළා.

Related posts

සල්ලි අච්චු ගහන්න කොල ගන්න සල්ලි නෑ..- ප‍්‍රබල ඇමති හෙලි කරයි…

Shiran Viraj

පොහොට්ටුව කඩා දමන කුමන්ත‍්‍රණයක් කළුතරින්.. නායකයා වෙල්ගම..[Video]

Shiran Viraj

නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක්…

Shiran Viraj
Translate »