mediahumanrights.lk
Local News News

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 135 ක් අධි අවදානම්

පෙරේදා (01 දා) වනවිට දිවයිනේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 135ක් කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිර යෑමේ අධි අවදානමක් සහිත ප‍්‍රදේශ ලෙස හඳුනාගෙන තිබූ බව වසංගත රෝග විද්‍යා අංශ ආරංචි මාර්ග පැවසීය.

මේ අතුරින් කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත‍්‍රික්ක අයත් වන බස්නාහිර පළාතේ පිහිටි කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිර යා හැකි අධි අවදානම් ප‍්‍රදේශ සංඛ්‍යාව 47 කි.

තවත් ප‍්‍රදේශ 92ක් කොරෝනා වෛරසය පැතිරීම අඩු අවදානමක් සහිත ප‍්‍රදේශ ලෙස හඳුනාගෙන තිබෙන අතර ප‍්‍රදේශ 161 ක් මෙතෙක් කිසිදු කොරෝනා ආසාදිතයකු හඳුනා නොගත් ප‍්‍රදේශ ලෙස හඳුනා ගෙන තිබේ.

තවත් ප‍්‍රදේශ 88ක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් ප‍්‍රජාවට නිරාවරණය වී නොමැති බව අනාවරණය වී ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

lankaleadnews

Related posts

හාල් මිල අඩු කරන්න රට හාල් ටොන් ලක්ෂයක්!

Shiran Viraj

තෙල් සංස්ථාව ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරයි…

Shiran Viraj

ඥනසාර හිමිට රැකවරණය දුන්නොත් දැඩි දඬුවම්

Shiran Viraj