28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

පලමු පෙල ආශ‍්‍රිතයන් නිවාසවලම නිරෝධායනයට යොමු කල හේතුව හමුදාපති කියයි…

කොරොනා රෝගින්ගේ පළමු පෙල ආශ්‍රවයන් නිවාස කුලම නිරෝධායන කිරීමට තීරණය කරන ලද්දේ නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩකඩ මදිකම නිසා නොවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

නිරෝධන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් අවශ්‍ය තරම් මෙරට තුළ පවතින බවද ඔහු පැවසීය.

කොතරම් පිරිසක් පැමිණියත් ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වල රඳවා ගැනීමට හැකියාව ඇතැයි ද ඔහු කියා සිටියේය.

පළමු පෙළ ඇතැම් ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන යාමේදී විවිධ ප්‍රායෝගික ප්‍රශ්න වලට මුහුණ නිසා ඊට පිළිතුරක් ලෙස ඔවුන් නිවෙස් තුළම නිරෝධායන කිරීමේ වැඩපිළිවෙළක් ජනාධිපතිගේ උපදෙස් මත හඳුන්වා දුන් බවත් හමුදාපති වරයා පැවසීය.

වයෝවෘද්ධ පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙන යාමයේ දී ගැටළුවලට මුහුණ දෙන බව පැවසූ ඔහු තවත් අය නිරෝධායන මධ්‍යස්ථාන වලට ගිය විට තම නිවාස බලා ගැනීමේ ප්‍රශ්නයක් මතුවන බවද කියා සිටියේය.

කෙසේ නමුත් නිවාසවල නිරෝධායනයට ලක් කරන පුද්ගලයන් එම කාර්යය අවභාවිතා කළ හොත් වහාම නිරෝධන මධ්‍යස්ථාන වලට යොමු කරන බවද ඔහු තවදුරටත් පැවසීය

Related posts

IMF තුන්වැනි වාරිකයත් අනුමතයි…

Shiran Viraj

ඉන්දියාවට මොනව හරි දෙන්න ඕනෙම නම්; පාර්ලිමේන්තුව, අරලියගහ මන්දිරය දෙන්න. නැගෙනහිර පර්යන්තය ඉතුරු කරන්න!!!

Shiran Viraj

විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශවලට මන්ත්‍රිනී දීප්ති වාසලගේගෙන් දැඩි විරෝධයක්

Shiran Viraj
Translate »