2026-07-03
mediahumanrights.lk
Local NewsNews

ජීවිතාන්ත හා මරණ දඬුවම් විදින සිරකරුවන්ට පොදු සමාවක්.. ලයිස්තුව සකසා යවයි..

ජීවිතාන්ත සිර දඬුවම මරණ දඬුවම හිමිවී බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් එහි ගත කර ඇති වසර ගණන අනුව පොදු සමාවක් ලබාදීමට අවධානය යොමුව ඇත.

දැනට මරණ දඬුවම හා ජීවිතාන්ත සිර දඩුවම් විඳින පිරිස 1116 දෙනෙකි.

බන්ධනාගාර මූලස්ථානය මාර්ග උපුටමින් ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත්තේ වසර විස්සකට අධික කාලයක් මරණ දඬුවම නියම වී සිටින පුද්ගලයන්ට ජීවිත සමාවක් ලබා දීමටත් වසර විසිපහක කාලයක් ජීවිතාන්ත සිර දඬුවම් විඳින්නට සාමාන්‍ය සිරකරුවකු ලෙසින් පොදු සමාවක් ලබාදී නිදහස් කිරීමටත් යෝජනා කර ඇති බවයි.

දැනටමත් මෙම සිරකරුවන්ගේ විස්තර සඳහන් නාම ලේඛනයක් වගකිය යුතු අංශ වෙත යොමු කර ඇතැයි ද සඳහන්ය.

අද වන විට බන්ධනාගාරවල පවතින අධික තදබදයට පිලියමක් ලෙස මෙම යෝජනා ඉදිරිපත් කර ඇත.

lankacnews

Related posts

පාසලේ මැරතන් තරඟයේදී සිසුවකු බසයට යටවී මරුට..

Shiran Viraj

අද කොළඹ විරෝධතාවන්ට වාරණ නියෝගයක්…

Shiran Viraj

"රමෝන් මැග්සයිසේ" සම්මානය යළිත් ශ‍්‍රී ලාංකිකයෙකුට

Shiran Viraj
Translate »