mediahumanrights.lk
BusinessBusiness NewsNews

‘ජය ඉසුරු’ වෙනුවෙන් රු. මිලියන 1,500 ක්

2021 අයවැය යෝජනා අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ‘ජය ඉසුරු‘ නමින් සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා වෙන් කර ඇති මුදල රු. මිලියන 1,500 කි.

මේ අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් ණය පහසුකම් ලබා දීම සඳහා රු. මිලියන 7,334 ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇත.

තවද ‘රිය ශක්ති‘ සහන ණය යෝජනා කුමය යටතේ පාසැල් හිමියන් වෙනුවෙන් රු. මිලියන 135 ක් වෙන් කර තිබේ. සුළු පරිමාණ ගොවීන්, විසිතුරු මල් හා විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නිරතවන්නන් වෙනුවෙන් වූ ‘රන් අස්වැන්න‘ සහන ණය යෝජනා ක්‍රමය සඳහා වෙන් කර ඇති මුදල රු. මිලියන 900 කි.

නියඟයෙන් පීඩා විඳින දිස්ත්‍රික්කවල ක්ෂුද්‍ර ණය ලබා ඇති කාන්තාවන් සඳහා ණය සහන ලබා දීමට රු. මිලියන 420 ක් 2021 අයවැයෙන් වෙන් කර තිබේ.

adaderana

Related posts

ලංකාවේ ආර්ථික ඝාතකයින් ගැන රවී හෙලිකරයි

Shiran Viraj

කොරෝනා වැලදුනු ශ‍්‍රී ලාංකිකයෙකු මිය යයි..

Shiran Viraj

මග තොටේදී කාන්තාවන්ට වන ලිංගික හිංසන වැලැක්වීමට අලුත් වැඩක්

Shiran Viraj
Translate »