mediahumanrights.lk
Local NewsNews

වැලිසර නාවික කදවුරේ දෙදෙනෙකුට කොරෝනා.. උසස් නිලධාරියෙක්ද ඒ අතර.

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික හමුදා සෙබළෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

මෙම සෙබලා වැලිසර නාවික හමුදා කඳවුරේ උසස් නිලධාරීන්ගේ රියැදුරකු ලෙස සේවය කරන්නෙකි.

ඔහු අනුරාධපුර මහා මංකඩවල පදිංචි 36 හැවිරිදි අයෙකු වන අතර එම ප‍්‍රදේශයේදී කරන ලද කොරෝනා පරීක්ෂණවලදී ඔහු ආසාදිත යැයි හඳුනාගෙන ඇත.

මෙම නාවික භටයා සමඟ ගමන් බිමන් ගිය උසස් නිලධාරියාට ද කොරෝනා වෛරසය වැළඳී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන පසු කල දැනුම් දීමක් මත මෙම සෙබලාද පරීක්‍ෂා සදහා යොමු කර තිබේ.

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්න.. හෙට සිට ලොක්ඩවුන් වෙන්න සැරසෙන්න..

Shiran Viraj

වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න එපා!

Shiran Viraj

සුකී සිරගෙට යැවූ මියන්මාර් හමුදා කුමන්ත‍්‍රණය

Shiran Viraj
Translate »