26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

මොණරාගල ගිය ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවට කොරෝනා : කුරුණෑගල රෝහලෙන් රෝගීන් දෙදෙනෙක් වාර්තා වෙයි

මොණරාගල ප්‍රදේශයට පැමිණ මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයේදී හෙළිවී ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටිනවා.

මේ අතර මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු සේවකයින් දෙදෙනෙකුට කුරුණෑගල රෝහලේදී සිදුකළ PCR පරීක්ෂණ වලදී නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් බලධාරීන් තහවුරු කර සිටියා. එම ආසාදිත පුද්ගලයින් දෙදෙනා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් IDH රෝහලට මාරු කර යැවීමට පියවර ගත් බවයි වැඩිදුරටත් රෝහල් බලධාරීන් සඳහන් කර සිටියේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු වෙයි

Shiran Viraj

වෑන් රථයක් හොරකම් කර සගවාගනී..

Shiran Viraj

අදත් අපි විරෝධතා..- ස්ටාලින්

Shiran Viraj
Translate »