mediahumanrights.lk
International NewsNews

කොරෝනා ආසාධිත වූ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ අලුත්ම තත්ත්වය

කොරෝනා වෛරසය ආසාදනය වී වොෂිංටන්හි වෝල්ටර් රීඞ් හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, සිය පාක්ෂිකයින් මවිතයට පත් කරමින් ඊයේ රෝහලෙන් පිටතට පැමිණ තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ විශේෂ මෝටර් රථයක නැගී රෝහලෙන් පිටතට පැමිණි අමෙරිකානු ජනාධිපතිවරයා, රෝහල අවට රැුස්ව සිටි සිය පාක්ෂිකයින් හට ආචාර කරමින් ගමන් කළ බවයි. මෝටර් රථය තුළ අසුන් ගෙන සිටි ජනාධිපති ට‍්‍රම්ප් මුඛ ආවරණයක් පැළඳ සිටීම විශේෂත්වයක් වුණේ මුඛ ආවරණ පැළඳීම ප‍්‍රතික්ෂේප කිරීම නිසාම ඔහු ජාත්‍යන්තරය තුළ ප‍්‍රසිද්ධියට පත්ව සිටීම නිසයි.

කෙසේවෙතත්, තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තමන් කොවිඞ් වසංගතය සම්බන්ධයෙන් බොහෝ දෑ උගත බවයි. වෛරසය පිළිබඳ ඉගෙන ගැනීමට හැකි හොඳම පාසල මෙය බවත්, තමන් ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගත් බවත්, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිට ට්විටර් පණිවිඩය මගින් පවසා තිබෙනවා
(under the courtesy of nethnews.lk news web)

Related posts

සරත් වීරසේකර පාතාලයින්ට අනතුරු අඟවයි

Shiran Viraj

සෞදි රජුගේ නවතම පෙරළිය – වසර 35 කට පසුව සෞදියට එන සිනමා වසන්තය

Shiran Viraj

නියඟයෙන් අක්කර 65,000ක්, ගංවතුරෙන් අක්කර 11,000ක් විනාශයි..

Shiran Viraj
Translate »