29.4 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

එංගලන්තයෙන් ගෙන්වූ අපද්‍රව්‍ය බහාලූම් සියල්ල මසක් තුළ නැවත යවනවාලු

එංගලන්තයේ මෙරටට ගෙන්වා ඇති අපද්‍රව්‍ය බහාලූම් සියල්ල මසක් ඇතුළත එරටට යැවීමට බලාපොරොත්තු වන බව ශී‍්‍ර ලංකා රේගුව පවසනවා.

ඒ අනුව කොළඹ වරායේ ඇති තවත් අපද්‍රව්‍ය බහාලූම් 65 ක් එළඹෙන 04 වනදා යළි එංගලන්තය වෙත නැව්ගත කිරීමට නියමිත බවයි ශී‍්‍ර ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ රේගු අධිකාරී අෂ්රොෆ් සම්සුදීන් පැවසුවේ.

එම අපද්‍රව්‍ය බහාලූම් මෙරටට ගෙන්වූ පුද්ගලයින් ද අනාවරණ වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

2017 වසරේදී නීතිවිරෝධී ලෙස එංගලන්තයෙන් ශී‍්‍ර ලංකාවට ගෙන්වා තිබූ අපද්‍රව්‍ය අඩංගු බහාලූම් ගණන 242 ක්. එම අපද්‍රව්‍ය බහාලූම් යළි එංගලන්තය වෙත ප‍්‍රතිනැව්ගත කරන ලෙස අභියාචනාධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා.

ඒ අතරින් බහාලූම් 20 ක් ඊයේ දිනයේ එංගලන්තය වෙත ආපසු පිටත් කර යැවීමට ශී‍්‍ර ලංකා රේගුව කටයුතු කළා.

nethnews.lk

Related posts

රනිල්ට අගමැතිකම ඉල්ලා මං කරන්න සිටි මාරාන්තික උපවාසය කල් දැම්මා-දඹර අමිල හිමි

Shiran Viraj

හරීන් ඇතුළු ඇමතිලා හතරක් ඉල්ලා අස්වෙයි..? SJB 10ක් ආණ්ඩුවට…?

Shiran Viraj

කතානායක අද අත්සන තබයි

Shiran Viraj
Translate »