27.8 C
Colombo
2026-07-04
mediahumanrights.lk
Local NewsNews

මංගල සම අනුග‍්‍රහයට අත්සන් කිරීම කැබිනට් එකත් ජනපතිත් දැන සිටියා.. – රනිල් ජනපති කොමිසමට කියයි

ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඇමෙරිකාව ඉදිරිපත් කළ 30/1 යෝජනාවට සම අනුග‍්‍රහය දක්වමින් හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා අත්සන් තබද්දී එවකට තිබූ කැබිනට් මණ්ඩලය, ජනාධිපතිවරයා සහ තමා ද ඇතුළු සමස්ත යහපාලන රජයම ඒ බව දැන සිටියේ යැයි හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (04 වැනිදා) දේශපාලන පළිගැනීම් පිළිබ`ද ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.

කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතා එහිදී හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාත් එය දැන සිටියේ දැයි රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු ස`දහන් කළේ එවක රජයේ සියලූ දෙනාම එය අනුමත කළ බවත් ජනාධිපතිවරයා ද එය දැන සිටි බවත්ය.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක මහතා කොමිසම වෙත කළ පැමිණිල්ලකට අනුව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සාක්‍ෂි ලබාදීම සඳහා ඊයේ (04 දා* කොමිසම හමුවේ පෙනී සිටියේය.

පසුගිය යහපාලන රජය සමයේ පිහිටුවා තිබූ දූෂණ විරෝධී කමිටුව රැුස්වූයේ කොතනකදැයි යන්න ද රනිල් වික‍්‍රමසිංහ මහතා සාක්‍ෂි ලබාදෙමින් සිටියදී කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් විමසීමක් කළේය.

දූෂණ විරෝධී කමිටුව ගත් ඇතැම් කි‍්‍රයාමාර්ග නීතිවිරෝධී ඒවා වූ බවත් එකී නීතිවිරෝධී කටයුතුවලට ඇතැම් අවස්ථාවල කැබිනට් අනුමැතිය පවා හිමිව තිබෙන බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා සාක්‍ෂි ලබාදීමේදී අනාවරණය වීම නිසා සභාපති විනිසුරුවරයා එසේ විමසීය.

එහිදී සභාපති විනිසුරුවරයාගේ විමසීමට පිළිතුරු දුන් රනිල් වික‍්‍රමසිංහ මහතා දූෂණ විරෝධී කමිටුවට නිශ්චිත කාර්යාලයක් ලබාදෙනතුරු අරලියගහ මන්දිරයෙන් කාමරයක් ලබාදුන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් එහිදී හමුවූ බවත් පැවසීය.

එසේම දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයකු ලෙස නීතිඥ ජේ. සී වැලිඅමුණ මහතා ජනාධිපති කාර්යාලයේ සිට කටයුතු කළ බව ද රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

lanka lead news

Related posts

කොරෝනා මැඩලූ කොරියා ජනපතිට මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක්.. විපක්‍ෂය සෝදාපාලුවකට ලක්වේ..

Shiran Viraj

ගරු නායකතුමනි ඔබගේ සේවය ගෞරවනීයයි – සජිත් අගමැති කර පක්ෂයත් රටත් බේරාගන්නට නව ගමනකට සැරසෙමු..

Shiran Viraj

පුද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුප 25,000 කරනවා…

Shiran Viraj
Translate »