mediahumanrights.lk
BusinessBusiness NewsNews

පොල් සඳහා උපරිම මිලක්

වටප‍්‍රමාණය අනුව පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. ඒ අනුව වටප‍්‍රමාණය අගල් 12 කට අඩු පොල් සඳහා ගෙඩියක් රුපියල් 60 ක් වන ලෙස උපරිම සිල්ලර මිල ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. වටප‍්‍රමාණය අගල් 12 ත් 13 ත් අතර පොල් සඳහා ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිල ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත්තේ රුපියල් 65 ක්.

වටප‍්‍රමාණය අගල් 13 ට වැඩි පොල් සඳහා ගෙඩියක් රුපියල් 70 ක් වන පරිදි උපරිම සිල්ලර මිල ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාති‍්‍රයේ ප‍්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව මෙම නියමයන් අද සිට බලපැවැත්වෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ.

ඒ අනුව කිසිඳු නිෂ්පාදකයෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් මෙම උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට පොල් අලෙවි කිරීම සිදු නොකළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙනවා.

ඉකුත් සමයේ මෙරට පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වා ඉහළ ගියා. පොල් අස්වැන්න අඩුවීම සහ පොල් ආශි‍්‍රත වෙනත් කර්මාන්ත වෙනුවෙන් අපනයන වෙළඳපළක් ඇතිවීම ඊට ප‍්‍රධාන හේතුව වුණා. මෙලෙස පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ඉතිහාසයේ දෙවන වරටයි.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

යුරෝපය තුල කොරෝනා ව්‍යාප්තිය ඉහලට : බ්‍රිතාන්‍යයේ මිලියන 09ක ජනතාවකට දැඩි නීති පැනවෙයි

Shiran Viraj

අනන්තයේ යළි හමුවෙමුයි කියා ශලනි තාරුකා ලියපු අත්දැකීම ගීතයකට නැගුණු හැටි මෙන්න – වීඩියෝ

Shiran Viraj

ශ්‍රී ලංකික ධීවරයා ලොවට පිවිසීම ක්‍රියාත්මක කරනවා…

Shiran Viraj
Translate »