24.3 C
Colombo
2026-01-27
mediahumanrights.lk
Local NewsNews

ඩුබායිවල අනතුරට ලක්ව මෙරටට පැමිණි පුද්ගලයාව රෝහලෙන් එලවා දැමූ වෛද්‍යවරයාගේ සිද්ධිය ගැන සොයයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සිදුවූ අනතුරකින් පසු මෙරටට පැමිණ ඇති ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයෙකුට වෛද්‍යවරුන්ගේ සහය නොලැබීම හේතුවෙන් ඊට අදාළ රක්‍ෂණ වන්දිය ලබාගැනීමට නොහැකි වූ පුවතක් නෙත් නිවුස් ඊයේ (22) අනාවරණ කළා.

ඔහු මෙම වන්දිය ලබාගැනීමට උත්සාහ දරා ඇත්තේ ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්. ඒ සදහා වෛද්‍යවරයෙකුගේ නිර්දේශ ලබාගත යුතු වන අතර ඒ අනුව ඔහු අදාළ නිර්දේශය ලබාගැනීම සදහා මුල්ලේරියාව රෝහලට ගොස් ඇති බවයි නෙත් නිවුස් ඊයේ අනාවරණ කළේ.

අදාළ නිර්දේශ ලබාදෙන වෛද්‍යවරයා, විදේශගතව සිට පැමිණි මෙම පුද්ගලයාට බැණ වැදී ඇති බව ද එහිදී අනාවරණ කෙරුණා. මෙම අනාවරණය සම්බන්ධයෙන් වහාම සොයා බැලීමක් කරන බවයි මුල්ලේරියාව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පි‍්‍රයන්ත කරුණාරත්න නෙත් නිවුස් වෙත ඇමතුමක් ලබා දෙමින් කියා සිටියේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි මීට මාස කිහිපයකට පෙර සිදුවූ අනතුරකින් මෙම පුද්ගලයා බරපතල තුවාල ලබා තිබෙනවා. ඔහු එරටදී ප‍්‍රතිකාර ලබා සුවවීමෙන් පසුවයි ඉකුත්දා මෙරටට පැමිණ තිබුණේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරියානු අලුත් රජය ශ්‍රී ලංකාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමට සූදානම් – කොරියානු තානාපති මියොන් ලී

Shiran Viraj

කන්න නෑ කියා පැන්න ශ‍්‍රී ලංකික සරණාගතයන් 19ක් ඉන්දියාවේදී අල්ලාගනී..

Shiran Viraj

සැත්කම් එපා හෙළ ඔසුවෙන් අස්‌ථි ආබාධ සුවකළ හැකියි

Shiran Viraj
Translate »