23.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

ගංජා නීතිගත කිරීමට මනෝචිකිත්සකයින් එරෙහි වෙයි

ගංජා වගාකිරීම නීතිගත කරන ලෙස ඉදිරිපත්ව ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මනෝචිකිත්සකයින්ගේ දැඩි අවධානය යොමුවී තිබෙනවා.

ඔවුන් පවසන්නේ ගංජා මගින් ජනතාවගේ, විශේෂයෙන්ම දරුවන්ගේ සහ නව යොවුන් වියේ පසුවන දරුවන්ගේ ශාරීරික, මානසික හා සමාජීය සෞඛ්‍යයට හානි සිදුවන බවයි. එබැවින් රටේ මානසික සෞඛ්‍ය විශේෂඥයින් වශයෙන් මේ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බවයි මනෝචිකිත්සකයින් පෙන්වා දෙන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් භයානක ඖෂධයක් ලෙස වර්ගීකරණය කරන ලද ගංජාවල විෂ රසායනික ද්‍රව්‍ය රාශියක් අඩංගු වනවා. එබැවින් ගංජා, මනෝභාවයන්, අතුරු ආබාධ, මානසික අවපීඩනයන්, ඇබ්බැහි වීම් ඇතුළු මානසික රෝග රැසකට මංපාදන බවයි මනෝචිකිත්සකයින් පෙන්වා දෙන්නේ.

එසේම ළමුන්ගේ හා තරුණයින්ගේ මොළයේ වර්ධනය, බුද්ධිය සහ අධ්‍යාපනය අඩපණ කිරීමට ද එය හේතු වී ඇති අතර එය බරපතල කරුණක් බව ද මනෝචිකිත්සකයින් පවසනවා. ගංජා දුමාරයේ පිළිකා කාරක ද්‍රව්‍ය අඩංගු වන බැවින් නිදන්ගත රෝග මෙන්ම පෙනහළු ආසාදන අවදානම වැඩි කරන බව සඳහන්.

ගංජා දුම් පානය කරන්නන් වටා සිටින අනෙක් අයට, විශේෂයෙන් ගර්භනී මව්වරුන්ට සහ ඔවුන්ගේ ළදරුවන්ට ඉන් දැඩි හානි පැමිණිය හැකි බවයි මනෝචිකිත්සකයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රාජපක්ෂ පවුලේ කිසිවෙකුට උගත්කමක් නෑ… රටේ උගතුන් බිහිවෙනවට ඔවුන් කැමති නෑ…

Shiran Viraj

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන්ගේ විරෝධය

Shiran Viraj

රනිල් සිරිකොතේ පැත්තක් වහයි

Shiran Viraj
Translate »