mediahumanrights.lk
Local NewsNews

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට සුදුසුම පුද්ගලයා මිලින්ද මොරගොඩ

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය සඳහා මිලින්ද මොරගොඩ මහතා පත් කිරීම පිළිබඳව තමන් වහන්සේ සතුටු වන බව ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ධර්මවිජය විහාරාධිපති ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද නාහිමියන් පවසයි.

මොරගොඩ මහතා ජාත්‍යන්තර සබදතා රැසක් තිබෙන දක්ෂ පරිපාලකයෙක් බවත් ඒ වගේම හොඳ බෞද්ධයෙකු බවත් උන්වහන්සේ පෙන්වා දෙයි.

මොරගොඩ මහතාට ඇමරිකාවේ ඉහල පෙලේ නිලධාරීන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධතා තිබෙන බව පෙන්වා දෙන උන්වහන්සේ ඉන්දියාවේ ශ්‍රී ලංකා කොමසාරිස් ධුරයට සුදුසුම පුද්ගලයා ඔහු බවද සඳහන් කරයි.

ඉන්දියාවේ ශ්‍රී ලංකා කොමසාරිස් ධුරයට යන රාජ්‍යතාන්ත්‍රිකයා හොඳ බෞද්ධයෙකු මෙන්ම දක්ෂ පරිපාලකයෙකු විය යුතු බවත් ඒ සුදුසුකම් සියල්ල මොරගොඩ මහතා සපුරා තිබෙන බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය පුරාම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය සඳහා මිලින්ද මොරගොඩ මහතා පත් කිරීම පිළිබඳව මහා සංඝරත්නයේ මෙන්ම දේශපාලන නියෝජිතයින් ඇතුළු ජාතික බලවේග වල විරෝධතාවය පළ වුණි.

lanka lead news

Related posts

එදා අපි ජනපති විවේචනය කළා, අද රට වෙනුවෙන් අගය කරනවා..වහා පාර්ලිමේන්තුව විසුරුවන්න-Video

Shiran Viraj

ඩෙල්ටා පැතිරෙනවා.. එන්නත්කරණයෙන් පාලනය කරගන්න බෑ..- විශේෂඥ වෛද්‍යවරුන් කියති..

Shiran Viraj

ප‍්‍රාථමික ශ්‍රේණිවල සිසුන් කොටස් වශයෙන් පාසලට ගෙන්වනවා

Shiran Viraj
Translate »