28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
NewsPolitical

සරත් වීරසේකරගේ ප‍්‍රකාශයට පොහොට්ටුවේ පිරිසක් එරෙහි වෙයි

පළාත් සභා අහෝසි කළ යුතු යැයි පළාත් සභා රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කර ඇති ප‍්‍රකාශයට එරෙහිව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පළාත් සභා කි‍්‍රයාකාරීන් පිරිසක් පක්ෂයේ නායකයන් වෙත පැමිණිලි කර ඇත.

එහෙත් පළාත් සභා අහෝසි කළ යුතුයි යන ප‍්‍රකාශය ඉවත් කර ගැනීම වීරසේකර මහතා ප‍්‍රතික්ෂේප කර තිබේ.

පළාත් සභා ක‍්‍රමය සුදු අලියෙක් බවත් ජනතාවට එකී බර දැරිය නොහැකි බවත් හෙතෙම තවදුරටත් දක්වා ඇත.

රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතාගේ ප‍්‍රකාශය ගැන පරීක්ෂණයක් කළ යුතු යැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පළාත් සභා කි‍්‍රයාකාරීන් පිරිසක් පක්ෂයේ නායකයන්ගෙන් ඉල්ලා ඇති බවයි.

lanka lead news

Related posts

චීන සහායෙන් විශේෂ ව්‍යාපෘති 05ක්.. චීනයේ දුගීකම තුරන්කල වැඩසටහන් ලංකාවට…

Shiran Viraj

නිදහස් දින උදෙසා සිරකරුවන් 512කට පොදු සමාව

Shiran Viraj

හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තු සභා ගැබ මැද සරම කඩන් වැටුනු පලමු මන්ත‍්‍රි ලෙස වාර්තා පොත් අතරට..

Shiran Viraj
Translate »