28.4 C
Colombo
2026-07-09
mediahumanrights.lk
International NewsNews

රවිනාථ අමෙරිකාවට ක්ෂණිකා ප්‍රංශයට

අමෙරිකා එක්සත් ජනපදය සඳහා ශ්‍රී ලංකාවෙන් නව තානාපතිවරයකු පත්කර තිබේ. ඒ හිටපු විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතාය.

මෙයට පෙර ඔහු ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කිරීමට තීන්දු කර තිබුණද පසුව ආරියසිංහ මහතා අමෙරිකා එක්සත් ජනපදයට පත්කරනු ලැබ සිටී. ඒ සමඟ මෙතෙක් අමෙරිකානු තානාපතිධූරය දැරූ රොඩ්නි පෙරේරා මහතා ශ්‍රී ලංකාවට කැඳවා තිබේ.

කලක පටන් පුරප්පාඩුව පවත්නා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිධූරයට මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය පත් කරනු ලැබුවාය. කොළඹ විශ්ව විදයාලයේ හිටපු උපකුලපතිනියක් වූ ඇය පසුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ධූරයද දැරීය. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට මිලින්ද මොරගොඩ මහතා දැනටමත් නම්කර තිබේ.

මේ හැර ඉතාලිය, දකුණු කොරියාව, සීෂෙල්ස්, ඉරානය හා ඔස්ට්‍රේලියාව යන රටවල තානාපති තනතුරු ද පුරප්පාඩුව පවතී. ඒ සඳහා ළඟදීම සුදුස්සන් පත් කෙරෙනු ඇතැයි විදේශ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා දේශයට පැවසීය.

lanka lead news

Related posts

ඉරාන හමුදා නායකයාගේ අවමංගල්‍ය උත්සවයේ තෙරපුමකින් 35 දෙනෙක් ජිවිතක්ෂයට

Shiran Viraj

කඩුලු 8ක ජයක් නවසීලන්තයට

Shiran Viraj

ඡන්දෙට සේවක නිවාඩු නොදෙන ලොක්කන්ට නඩු

Shiran Viraj
Translate »