28.4 C
Colombo
2026-09-29
mediahumanrights.lk
Local NewsNews

නීති විරෝධී ලෙස ගෙන්වූ කහ තොගයක් සමඟ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සහ අල්ලස් ගත් රේගු නිළධාරීන් අත් අඩංගුවට!

වීදුරු සහ උඳු ගෙන්වන මුවාවෙන් මෙරටට ආනයනය කළ කන්ටේනර් තුනක තිබූ රුපියල් කෝටි 11ක් වටිනා කහ කිලෝග්‍රෑම් 11000ක් අත් අඩංගුවට ගැනීමට බ්ලූ මැන්ඩල් පොලීසිය සමත්ව තිබේ. අදාළ කන්ටේනර් තුනෙහි පුපුරණ ද්‍රව්‍යය තිබෙන බවට බ්ලූමැන්ඩල් පොලීසියට ලැබුණු ඔත්තුවකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපති ඒ පත්මනාථ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් කහ තොගය නීති විරෝධීව ගෙන්වූ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ව්‍යාපාරිකයා ඇතුළු දස දෙනෙකු අත් අඩංගුවට ගත් බව වාර්තාවේ.

රේගුවෙන් නිදහස් කරගෙන ඇති කන්ටේනර වල අඩංගු කහ තොගය ඉතා රහසිගතව ගබඩා කරමින් සිටියදී මෙසේ පොලිස් අත් අඩංගුවට පත්වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර මෙම කහ තොගය නීති විරෝධීව රේගු භාරයෙන් නිදහස් කිරීමට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් අල්ලස් ලෙස ලබාගත් රේගු නිළධාරීන් තිදෙනෙකුද පොලිස් අත් අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.

මූලික පොලිස් පරීක්ෂණ වලදී කහ තොගය ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට ආනයනය කළ බව පැවසේ.සැක කරුවන් සියළු දෙනා රඳවා තබාගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

lanka lead news

Related posts

ජනබල විරෝධයට එමින් සිටි බස්වලට ගල් ගසති… අංක තහඩු නැති වාහන කරලියේ..

Shiran Viraj

විදුලි ගාස්තු වැඩි කරන්නැයි IMF දන්වයි..

Shiran Viraj

පරණ කාර් මිල යලි ඉහලට.. අලුත් මිල ගණන් මෙන්න..

Shiran Viraj
Translate »