2026-08-04
mediahumanrights.lk
Local NewsNews

දිනකට බෝල්පොයින්ට් පෑන් හිස් බට කිලෝ 80ක් පරිසරයට මුදා හැරේ

පාසල් දරුවන් භාවිත කරන බෝල්පොයින්ට් පෑන් හිස් බට කිලෝ ග‍්‍රෑම් 80 ක් දිනකට පරිසරයට මුදා හැරෙන බව අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව වසරකට පාසල් දරුවන්ගෙන් පමණක් පරිසරයට බැහැර වන පෑන් බට ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් 29,200 ක්. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ රාජ්‍ය සහ වෙනත් පෞද්ගලික අංශයෙන් බැහැර කෙරෙන හිස් බෝල්පොයින්ට් පෑන් සහ එම බට ප‍්‍රමාණය මෙතෙක් ගණනය කර නොමැති බවයි.

පෑන් බට පමණක් නොව ප්ලාස්ටික් දත් බුරුසු ද විශාල ප‍්‍රමාණයක් දිනපතා පරිසරයට බැහැර කෙරෙන බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

මේවා නිසි පරිදි ප‍්‍රතිචකි‍්‍රකරණ වැඩපිළිවෙළක් නොමැතිවීම හේතුවෙන් දෛනික දැවැන්ත පරිසර හානියක් සිදුවන බව ද අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව ඒ සඳහා නිසි ප‍්‍රතිචකී‍්‍රකරණ වැඩපිළිවෙළක් මධ්‍යම පරිසර අධිකාරිය සම`ග එක්ව සකස් කරන ලෙසටයි අමාත්‍යවරයා පරිසර අමාත්‍යංශයේ බලධාරීන්ට දැනුම් දී ඇත්තේ.

ප්ලාස්ටික් බෝල් පොයින්ට් පෑන් සහ දත් බුරුසු දිරාපත් වීම සහා වසර 50 ත් 75 ත් අතර කාලයක් ගතවනු ඇති බවට ගණනය කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මේ ආණ්ඩුව ෆේල්.. සහල් මෝල්කාරයන්ට දණ ගැහුවා..

Shiran Viraj

පිරවුම්හල්වල තෙල් තොග දන්වන වෙබ් අඩවිය යලි ක‍්‍රියාත්මකයි… නමුත් බොහෝ තැන්වල තෙල් නෑ…

Shiran Viraj

රටපුරා ඇදිරි නීතිය ලිහිල් කරයි.. රාජ්‍ය හා පෞද්ගලික සේවා අරඹයි..- ජනපති කියයි..

Shiran Viraj
Translate »