mediahumanrights.lk
Local News News

ද්විත්ව පුරවැසියන්ට මේ රටේ තීරණ ගන්න ඉඩ දෙන්න බෑ – 20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැති වෙනවා- මැදගොඩ අභයතිස්ස හිමි

20 වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න කරද්දී  69 ලක්ෂයක ජනවරම ගොඩනැගීමට දායක වූ ජාතික බලවේග නියෝජනය කරන තමන් අපහසුතාවයට පත්වෙන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අර්ජුන මහේන්ද්‍රන් වැනි පිටරැටියන් මහබැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමෙන් සිදු වූ අනර්ථය තේරුම් ගත යුතු බවත්,  දෙපැත්තේ අඩිය තියන් ඉන්න අයට අපේ රටේ නීති හැදීම සහ තීරණ ගැනීමට  ඉඩ නොදිය යුතු බවත්, රටේ නිලධාරීන් පවා ද්විත්ව පුරවැසියන් නොවිය යුතු බවත්, ජනතාව පවසන්නේ යැයි ද උන්වහන්සේ කීහ.

එනිසා ද්විත්ව පුරවැසිකම සම්බන්ධයෙන් ඇති සීමා තවදුරටත් දීර්ඝ කිරීම මිස එය අකුලා ගැනීම සිදු නොකළ යුතු බව උන්වහන්සේ කියා සිටියහ.

කොළඹ පැවති උත්සව සභාවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

lanka lead news

Related posts

ෆේස්බුක් හැර නොයනබව සකර්බර්ග් කියයි

Shiran Viraj

අවසන් රෝගියාද සුව වන තුරු කොරෝනා රෝහලේ සියළු වියදම් ඩඩ්ලි සිරිසේන බාරගනී..

Shiran Viraj

ලංකාවෙන් පැන ගිය කංජිපානි දේශපාලන රැකවරණ ලැබ ප‍්‍රංශයෙන් මතුවේ…

Shiran Viraj