mediahumanrights.lk
Local NewsNews

ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කෙරේ

ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම හේතුවෙන් දැනට පවතින ඇතැම් ජාතික පාසල් නමට පමණක් සීමා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. එවැනි පාසල් ද කඩිනමින් සංවර්ධනය කළයුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

සියළු රාජ්‍ය අමාත්‍යවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පළ කළා.

දිවයිනේ සමස්ත ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කිරීමටයි එහිදී තීරණය වී ඇත්තේ. එමෙන්ම සියළු පාසල්වලට සමාන පහසුකම් ලබාදීමටද මෙම සාකච්ජාවේදී තීරණයකට පැමිණි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

පාසල් පද්ධතියේ දියුණුව සදහා දිස්ත්‍රික් අධ්‍යාපන කමිටු පත් කිරීමට මෙම සාකච්ජාවේදී තීරණය වී තිබෙනවා.

ගුරු මාරු සහ පාසල් දරුවන් ඇතුළත් කිරීම හැර පාසල් පද්ධතියේ දියුණුවට අවශ්‍ය සෑම කාර්යයකටම හවුල්වීමට දේශපාලනඥයින්ට හැකි බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ.

පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම සදහා වැඩබලන විදුහල්පතිවරුන් පත් කිරීමටද රාජ්‍ය අමාත්‍යවරුන් සමග පැවති සාකච්ජාවේදී අදහස් පළ වී තිබෙනවා. ඒ අනුව පාසල්වල සිටින දක්‍ෂ සහ පළපුරුදු ගුරුවරුන් වැඩබලන විදුහල්පතිවරුන් ලෙස පත් කිරීමට ඇති ඉඩ විමසා බැලීමටයි එහිදි තීරණය වී ඇත්තේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රුධිර පරීක්ෂණ ගාස්තුවත් අද සිට පහලට

Shiran Viraj

ඡන්ද හිමියන්ගේ දිනය අදයි

Shiran Viraj

පුතා බේරීමට ගිය පියාට මිතුරන් පහර දී මරා දමයි..

Shiran Viraj
Translate »