mediahumanrights.lk
Local NewsNews

ගිනි ගත් නෞකාවෙන් සාගරයට වුණු හානිය අනාවරණය වෙයි

ශ‍්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන සාගරයට කාන්දු වී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව සමුද්‍ර දූෂණයක් සිදුව ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අදිකාරිය විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.

අදාළ වාර්තාව ඊයේ (24) පස්වරුවේ නීතිපතිවරයාට ද භාරදුන්නා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර නෙත් නිවුස් වෙත කියා සිටියේ විශේෂඥ කණ්ඩායමක් විසින් අදාළ වාර්තාව සකස් කළ බවයි.

නෞකාව අයත් සමාගමට ඉදිරියේදී අදාළ වාර්තාවේ විස්තර ලබාදීමට නියමිත බව ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරිය ප‍්‍රකාශ කළා. ඉදිරි පියවර ගනු ලබන්නේ ඉන් පසුව බවයි ඇය සඳහන් කළේ.

ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඞ් නෞකාවේ ගින්න නිවීමට මැදිහත්වූ මෙරට ආයතන සඳහා මූලික වන්දි ගෙවීමක් ලෙස රුපියල් මිලියන 340 ක් ගෙවීමට නෞකාව හිමි සමාගම එකගතාව පළ කර තිබෙනවා.

කෙසේවෙතත් ඒ සඳහා තවත් රුපියල් මිලියන 100 ක් ලබාදෙන ලෙසයි නීතිපතිවරයා නෞකා අයත් සමාගමට දැනුම් දී ඇත්තේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

20/20 ජයෙන් වාර්තා පොත අලුත් වෙයි!

Shiran Viraj

මම වෛද්‍යවරුන් සහ රෝගීන් ආරක්ෂා කරගන්නවා

Shiran Viraj

2017 දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම මිලියන 762ක්

Shiran Viraj
Translate »