2026-08-14
mediahumanrights.lk
Local NewsNews

මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කියන භූකම්පනය ගැන පැහැදිළි කරයි

මහනුවර දිස්ත‍්‍රික්කයේ පිහිටි හාරගම, මයිලපිටිය හා දිගන යන ප‍්‍රදේශවලට ඊයේ (29) රාත‍්‍රීයේ භූමියේ කම්පන තත්ත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා පළ වුණා.

ඊයේ රාතී‍්‍ර 08.30 ට පමණ කම්පන තත්ත්වය ඇතිවූ බවයි එම ප‍්‍රදේශවාසීන් සඳහන් කළේ. කෙසේවෙතත්, මෙම සිදුවීම භුචලනයක් නොවන බව භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ පර්යේෂකයෙකු සඳහන් කළා.

මහනුවර, පල්ලෙකැලේ ප‍්‍රදේශයේ පිහිටි භූචලන මාපකයේ පමණක් යම් සංඥාවක් සටහන්ව ඇති බවත්, එහෙත් එම චලනය ස්වභාවික සංසිද්ධියක් නොවන බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවයි.

එහිදී ඔහු පෙන්වා දුන්නේ “මේක ඇත්තටම භූ කම්පනයක් නෙමෙයි. එහෙම භූ කම්පනයක් වුණා නම් අපේ මධ්‍යස්ථාන 05ක් තියෙනවා…මේක සටහන් වෙලා තියෙන්නේ පල්ලෙකැලේ විතරයි. ඒ නිසා මේ ගැන විදිමත් පරීක්ෂණයක් සිදු කරනවා. එහෙම දෙයක් සිදු වෙනවා නම් අපිට කලින් දැනුවත් කරන්නත් හැකියාව තියෙනවා. ඒ නිසා ජනතාව බිය විය යුතු නෑ. මෑත කාලයේදී සමහරක් තැන්වල පොළව රත්වීමත් එක්ක නිවෙස්වල ටයිල් පිපිරීම් වගේ සිදුවීම් සිද්ධ වෙනවා. ” යනුවෙනි.

Related posts

තොරතුරු පොලිසියට ගන්න බෑ’ ෆේස් බුක් සමාගම කියයි

Shiran Viraj

ගම්මන්පිලට එරෙහි නඩුවක් විභාගයට ගැනීමට දින නියම වෙයි

Shiran Viraj

මෙවර ඉන්ධන මිල වෙනසක් නෑ…

Shiran Viraj
Translate »