2026-01-23
mediahumanrights.lk
Local NewsNews

ගංජා කිලෝ 49ක් සමග සැකකාරියක් අත්අඩංගුවට

කිළිනොච්චිය පොලිස් වසමේ පරන්තන් ප්‍රදේශයේ දී ගංජා කිලෝ 49යි ග්‍රෑම් 700ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (20) උදෑසන කිළිනොච්චිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය 29 හැවිරිදි මුරුසමොටෙයි, පරන්තන් ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

අදාළ සැකකාරිය ඊයේ කිළිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන කිළිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉන්ධන මිල වැඩිකිරීමෙන් පසු කොලඹ පාළුවට යයි..

Shiran Viraj

සයිටම් රෝහලෙන් හමුවූ අස්ථි කොටස් තාජුඩීන්ගේද? ඩී.එන්.ඒ වාර්තාව එයි

Shiran Viraj

ඇදිරි නීතිය අදාලම නෑ… PickMe මගින් LithroGas ගෙදරටම… මෙන්න ක‍්‍රමය..

Shiran Viraj
Translate »