31.7 C
Colombo
2026-07-06
mediahumanrights.lk
NewsPolitical

කොරෝනා ව්‍යාප්තියේ ආරම්භය සොයා ගැනීමට නොහැකිව නවසීලන්තය අසරණ වෙයි : දිනෙන් දින රෝගීන් සංඛ්‍යාව ඉහළට

මිට දින කිහිපයකට පෙර වාර්තාවූ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් ඕක්ලන්ඩ් ප්‍රාන්තය තවත් දින 12ක කාලයක් හුදෙකලා කොට තැබීමට පියවර ගත් බව අගමැති ජෙසින්ඩා ඒඩ්ඩ්‍රන් ප්‍රකාශ කර සිටිනවා.

ඊට අමතරව රටේ සෙසු ප්‍රාන්තද දෙවන අදියරේ අනතුරු ඇඟවීමේ මට්ටමක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවයි නවසීලන්ත අගමැතිවරිය ප්‍රකාශ කර සිටියේ.

ඕක්ලන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තාවූ රෝගී පොකුරට අයත් රෝගීන් 35 දෙනෙක් මේ වන විට හඳුනා ගෙන ඇති අතර ඊට අමතරව එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවට සැක කෙරෙන තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වී තිබෙන බවයි නවසීලන්ත සෞඛ්‍ය බලධාරින් සඳහන් කරන්නේ.

කෙසේ වුවත් ඕක්ලන්ඩ් ප්‍රාන්තයේ ව්‍යාප්ත වන කොරෝනා වෛරසයේ මුල් ආරම්භය ලෙස සැලකෙන 51ක් හැවිරිදි රෝගියාට එම වෛරසය ආසාදනය වූ ආකාරය මේ දක්වා අභිරහසක්ව තිබීම නිසා එරට සෞඛ්‍ය බලධාරින් දැඩි වික්ෂිප්ත භාවයකට පත්ව සිටිනවා.

මෙම රෝගීන් ගේ ආශ්‍රිතයින් 1000 කට අධික සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇති බවත් ඔවුන් නිරෝධායනයට යොමු කොට වෛද්‍ය අධීක්ෂණය යටතේ තබා ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

නව සංචාරණ සිමා පැනවීමත් සමග නවසීලන්තයේ ජෙට්ස්ටාර් ගුවන් සේවය සිය ගුවන් ගමන්ද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

දින 102 ක කාලයක් කිසිදු සමාජ සම්ප්‍රේෂණ රෝගියෙකු වාර්තා නොවූ නවසීලන්තයේ මේ වන විට වෛද්‍ය අධීක්ෂණ යටතේ සිටින සමස්ත රෝගීන් ගණන 56 ක් වන අතර ඉන් 19 දෙනෙකුම සංචාරකයින් වනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

නාමල්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි!

Shiran Viraj

ඇයට තවත් සම්බන්ධතා තිබ්බා – යතුරු පැදියේ සීට් කවරය යට ජංගම දුරකතන දෙකක් තිබ්බා – මොණරාගලදී පෙම්වතියගේ ගෙල සිරකර මැරූ ඝාතකයා පොලිසියට වමාරයි

Shiran Viraj

කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයක සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

Shiran Viraj
Translate »