2026-09-25
mediahumanrights.lk
Local NewsNews

සිර භාරයෙන් පැන යාමට තැත් කළ පාතාල නායකයා පොලිස් වෙඩි පහරින් මරුට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඉඳුනිල් වජිර කුමාර නොහොත්, ඉන්ද්‍රා නමැත්තා පොලීසිය එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ, නවගමුව, ඇඹුල්ගම ප‍්‍රදේශයේදීයි. පොලිස් අත්අඩංගුවේ සිටි මෙම සැකකරු, සගවා තිබූ ආයුධ පෙන්වීමට පොලිස් ජීප් රථයකින්, රැගෙන යමින් සිටියදී, සැකකරු විසින් එම රථයේ රියදුරුගේ ගෙල සිරකිරීමට උත්සහ කර තිබෙනවා.

එහිදී ජීප්රථය කැලණි ගඟට පෙරළීම වළක්වා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් විසින් සැකකරු වෙත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු විසින් ගෙල සිරකිරීමට ලක්කළ පොලිස් ජීප්රථයේ රියදුරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිස් වෙඩි පහරින් මියගිය මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූූ සමයං නමැත්තාගේ ප‍්‍රධාන වෙඩික්කරුවෙකු ද වනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අපේක්‍ෂකයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට…

Shiran Viraj

අලුත් දේශපාලන පෙරමුණක් හැදේ.. චම්පිකත් එක්වෙයි.. මාධ්‍ය හමුවක..

Shiran Viraj

හැමෝම ජනාධිපති සමග එක්වන්න.. ඔහු වසරකින් රට බේරාගත්තා..

Shiran Viraj
Translate »