30 C
Colombo
2026-10-03
mediahumanrights.lk
NewsPolitical

සජබයෙන් කොළ වර්ණය ඉවත් කරන්න – අකිලගෙන් කොමිසමට ලිපියක්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ප‍්‍රචාරක කටයුතු සිදුකිරීමේදී සමගි ජනබලවේගය විසින් කොළ වර්ණය භාවිත කිරීම වළක්වාලීමට අවශ්‍ය පියවර ගන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ කොමිසමට අද ලිපියක් යොමු කළා.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ලිපිය යොමුකර ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය වෙතයි.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ 1 යි 2 අනු ව්‍යවස්ථාව අනුව එම පක්ෂයේ වර්ණය කොළ වර්ණය වනවා. සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාවට අනුව එම පක්ෂයේ පැහැය නිල් වර්ණය බවයි එම ලිපියේ දක්වා ඇත්තේ.

එහෙත්, එළඹෙන මැතිවරණයට අදාළව ප‍්‍රචාරණ කටයුතු සිදුකිරීමේදී සමගි ජනබලවේගය විසින් කොළ වර්ණය භාවිත කිරීම චේතනාන්විතවම සිය පක්ෂය නොමග යැවීමක් බව ද එක්සත් ජාතික පක්ෂය යොමුකළ ලිපියේ සඳහන්.

එමගින් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා බරපතල අගතියක් සිදුවන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා, මැතිවරණ කොමිසමට යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ද අද පෙරවරුවේ රැස්වුණා. එහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත්තේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ 99 දෙනාගෙන් මෙතෙක් නිදහසට කරුණු නොදැක්වූ සහ කල් ඉල්ලා නොසිටි මන්තී‍්‍රවරුන්ගේ විනය පරීක්ෂණ කඩිනම් කර ඔවුන් පක්ෂයෙන් ඉවත් කිරීමටයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ආරක්‍ෂක අමාත්‍යංශයෙන් ශිෂ්‍යත්ව සමතුන්ට මුදල් ආධාර

Shiran Viraj

අර්ජුන් කෝප් කමිටුවට බොරු කියලා අද බැඳුම්කර කොමිසමේ දී හෙළි වේ

Shiran Viraj

බාල වයස්කාර දැරියන් ලිංගික වහලුන් ලෙස විකිණීමේ ජාවාරමක් ගැන සෞදි කුමාරිකාවක් හෙළි කරයි – ලංකාවේ දරුවනුත් ඒ අතර

Shiran Viraj
Translate »