2026-02-12
mediahumanrights.lk
International NewsNews

රටවල් 59ක සංචාරකයන් නිරෝධායනයෙන් නිදහස් කිරීමට එංගලන්තය තීරණය කරයි

එළඹෙන ගිම්හාන නිවාඩුව ගත කිරීම සඳහා එංගලන්තයට පැමිණෙන රටවල් 59 ක සංචාරකයින්, දෙසතියක අනිවාර්ය නිරෝධායනයෙන් නිදහස් කිරීමට බි‍්‍රතාන්‍ය රජය තීරණය කර තිබෙනවා.

මෙම නිරෝධායන රෙගුලාසි ඉවත් කිරීම ලබන 10 වනදා සිට ක‍්‍රියාත්මකයි. මෙලෙස නිරෝධායනයෙන් නිදහස් වන රටවල් අතරට ජර්මනිය, නවසීලන්තය, ග‍්‍රීසිය,  ඕස්ටේ‍්‍රලියාව, ඉතාලිය, හොංකොං, බෙල්ජියම, දකුණු කොරියාව, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ජපානය ද ඇතුළත්.

කෙසේ වෙතත්, අමෙරිකාව, චීනය, පෘතුගාලය, කැනඩාව මෙන්ම අපි‍්‍රකානු, මැදපෙරදිග සහ ආසියානු රටවල් රැසක සිට පැමිණෙන සංචාරකයින් සඳහා දින 14 ක නිරෝධායනය තවදුරටත් අනිවාර්ය වනවා.

නිරෝධායනයෙන් නිදහස් කළ රටවල් ලැයිස්තුව ප‍්‍රකාශයට පත් කරමින් බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ, මෙය බි‍්‍රතාන්‍යය යළි යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලේ පළමු සහ විශාලතම පියවර බවයි.

ඉදිරියේදී තවත් රටවල් රැසක සිට පැමිණෙන සංචාරකයින් ද නිරෝධායනයෙන් නිදහස් කිරීමට අපේක්ෂා කරන බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර, ආපනශාලා, රූපලාවණ්‍යාගාර, සිනමාශාලා ඇතුළු ව්‍යාපාර ස්ථාන රැසක් අද සිට යළි විවෘත කිරීමට ද බි‍්‍රතාන්‍ය රජය අවසර ලබා දී තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මිරිහානේදී වාහන ගිනි තැබුනේ ආණ්ඩුවේම අයයි…

Shiran Viraj

ජනාධිපතිගේ නිලකාලය තෙදිනක් තුළ ජනපතිට

Shiran Viraj

ඩොලර් නැතිව රජයේ මුද‍්‍රණාලයට කඩදාසි නෑ..

Shiran Viraj
Translate »