28.4 C
Colombo
2026-09-28
mediahumanrights.lk
NewsPolitical

‘මැතිවරණ අපේක්ෂකයන්ට අගතියක්’ – මහින්ද දේශප්‍රියගෙන් ජනාධිපති කොමිසමට ලිපියක්

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට ලිපියක් යොමුකර තිබෙනවා.

එමගින් සඳහන් කර ඇත්තේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන පුද්ගලයින් ඉන් පිටතට පැමිණ සිදුකරන ප‍්‍රකාශ හේතුවෙන් ඇතැම් අපේක්ෂකයින්ට අගතියක් සිදුවන බවයි.

මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කර ඇති බැවින් මැතිවරණ නීතියට අනුව අදාළ ප‍්‍රකාශ හේතුවෙන් ඇතැම් අපේක්ෂකයින්ට එලෙස අගතියක් සිදුව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

එය වැළැක්වීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට හැකියාව පවතින්නේදැයි සොයා බලන ලෙසයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත්තේ. එලෙස හැකියාවක් පවතින්නේ නම් වහාම අදාළ ක‍්‍රියාපටිපාටිය නිවැරදි කිරීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය, දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කුණු එකතු කරන යානාවක් අභ්‍යවකාශයට යවයි. – Video

Shiran Viraj

දකුණේ ශාන්ටත් වැඩ වරදියි.. පළාත් සභාවට විශ්වාස බංගයක්..

Shiran Viraj

අනුර කියන්නෙම මෝඩ කතා.. ඒ වගේ මෝඩයෝ රට පිළිගන්නෑ..

Shiran Viraj
Translate »