mediahumanrights.lk
Local NewsNews

අකුරැස්සේ දෙදෙනෙකුට කොරෝනා.. 60ක් නිරෝධායනයට..

අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි හමුදා නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ මෙම හමුදා නිලධාරීන් දෙදෙනා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන අවසන් කළ දෙදෙනෙකු බවයි.

ඒ නිසා ඔවුන් දෙදෙනා නැවතත් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

ඔවුන් දෙදෙනා ගේ සමීපතම ආශ‍්‍රිතයන් වූ පවුල් දෙකකට අයත් අටදෙනෙකු නිරෝධාන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.

ඔවුන් සමග ගනුදෙනු කරන ලද තවත් 50 ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකරනු ලද බවත් ඔහු පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බොරු තර්ක මවමින් මැතිවරණයන් කල් දමනවා – මහාචාර්ය ජී එල් පීරිස්

Shiran Viraj

කැලණිතිස්සටත් වඩා ලොකු බලාගාරයක් ෂැංග‍්‍රිලා හෝටලයේ.. පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල ජෙනරේටර් විදුලිය පද්ධතියට ගනී..

Shiran Viraj

වඳුරන්ගේ “ගල්” ප්‍රහාරයෙන් 72 හැවිරිදි පුද්ගලයෙක් ජිවිතක්ෂයට

Shiran Viraj
Translate »