27.8 C
Colombo
2026-09-02
mediahumanrights.lk
NewsPolitical

රවි කරුණානානායක පොහොට්ටු සාමාජිකත්වය ගත්තොත් කලබල වෙන්න එපා..- පොහොට්ටුවෙන් කියයි..

හිටපු මුදල් ඇමති වරයෙකු වන රවී කරුණානායක මහතා හෙට දිනයේ පැමිණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත්තද කලබල නොවන්නැයි හිටපු රාජ්‍ය ඇමති ඉදිරි පාර්ලිමේන්තු අපේක්ෂක අනුරාධ ජයරත්න මහතා සඳහන් කරයි.

වැරදිකරුවන්ට වංචාකරුවන්ට පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත්තා ගියා එහෙම වරද වලින් බේරෙන්නට ඉඩනොදෙන බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන මූලස්ථානය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මැතිවරණයට තරග කිරීමෙන් ඉවත් වුවද ඔහු සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බවත් ඒවාට අදාළ නීතිමය ක‍්‍රියාමාර්ග නොනවතින බවත් ඔහු තවදුරටත් සඳහන් කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ආසියානු කුසලානයට චන්දිමාල්ගේ සහභාගිත්වය වැට උඩ : පළමු තරග දෙකට අකිලත් නැහැ

Shiran Viraj

අහසට නැගුණු සුන්දර දිය සුළියක්

Shiran Viraj

අත්‍යවශ්‍ය කරුණකට පමණක් පොදු ප‍්‍රවාහන සේවය භාවිත කරන්න

Shiran Viraj
Translate »