28.4 C
Colombo
2026-09-28
mediahumanrights.lk
International NewsNews

ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා නායකයා ගැන ඔත්තුව දුන් පුද්ගලයාට මරණ දඬුවම

ඉරාන හමුදා ප්‍රධානි ජෙනරාල් කාසීම් සුලේයිමානි ඝාතනය කිරිමට ආධාර අනුබල දුන් ඉරාන ජාතිකයෙකුට මරණ දඬුවම නියමව තිබෙනවා.

මෙලෙස මරණ දඬුවම නියමව ඇත්තේසෙයිඩ් මොහොමදු මොසාවී මජ්ඩ් නැමැත්තෙකුට බවයි ඉරාන අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කර සිටින්නේ.

මෙම ඉරාන ජාතිකයා අමෙරිකාවේ CIA සහ ඊශ්‍රායෙල් මොසෑඩ් ඔත්තු සේවයට ජනරාල් කාසීම් සුලෙයිමානි රැඳී සිටින ස්ථානය සම්බන්ධයෙන් ඔත්තු සපයා ඇති බව සඳහන්.

එලෙස ඔත්තු ලබාදිම වෙනුවෙන් අදාළ බුද්ධි අංශ වලින් ඔහුට මුදල් ද ලබාදී ඇති බවට ඉරාන අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

ඉකුත් ජනවාරි මස 03 වෙනිදා ඉරාකයේ බැග්ඩෑග් ගුවන් තොටුපොළ ආසන්නයේදී අමෙරිකාව විසින් සිදුකළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාන කුද්ස් බලකායේ අණදෙන නිලධාරි ජනරාල් කාසිම් සුලෙයිමානි ජිවිතක්ෂයට පත්විය.

මෙම සිදුවීමෙන් පසුව ඉරානය සහ අමෙරිකාව අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇතිවූ අතර ඉරානය විසින් පිළිතුරු වශයෙන් ඉරාකයේ පිහිටිඅමෙරිකානු කඳවුරකට බැලස්ටික් මිසයිල ප්‍රහාර මාළාවක් ද එල්ල කරනු ලැබුවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පොලිස් නිලධාරියෙක් ඝාතනය කළ සැකකරු පොලිස් වෙඩි පහරින්ම මරුට

Shiran Viraj

අනුරටයි අපටයි පමණක් රට වෙනස් කරන්න බෑ..

Shiran Viraj

නුවරඑළිය රෝහලේ නේවාසිකාගාර විනාශයි: වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලය අවතැන් – ජනාධිපතිගෙන් ක්ෂණික විසඳුම්

Shiran Viraj
Translate »