mediahumanrights.lk
NewsPolitical

කරුණු කිහිපයක් ගැන මැතිවරණ කොමිසම අධ්‍යනයක

සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මහ මැතිවරණය පැවැත්වීමේ දී සලකා බැලිය හැකි විවිධ යෝජනා මේ වනවිට ඉදිරිපත් වෙමින් තිබෙනවා. මේ පිළිබඳ අදහස් දක්වමින් ජමෙයිකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප‍්‍රතිභා මහානාම හේවා පැවසුවේ මහා මැතිවරණයේ ඡන්ද විමසීම එක් දිනයකදී වෙනුවට දින කිහිපයක දී පැවැත්වීමට ද සලකා බැලිය හැකි බවයි

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් නීතිඥ ලාල් විජේනායක ගෙන් ද විමසීමක් කළා. එහිදී ඔහු පෙන්වා දුන්නේ මැතිවරණයක් තුළින් ජනතාවගේ සැබෑ මතය ප්‍රකාශ විය යුතු බවයි.

මේ අතර මහ මැතිවරණය පැවැත්වෙන දිනය කවදා විය හැකි දැයි නෙත් නිවුස් මැතිවරණ කොමිසමෙන් විමසීමක් කළා. එහි සභාපති මහින්ද දේශප‍්‍රිය පැවසුවේ අගෝස්තු මාසය අවසන් වීමට පෙර මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීමට හැකි වනු ඇති බවයි.

ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව මහමැතිවරණයේ කටයුතු සිදු කළ යුත්තේ කෙසේදැයි මේ වන විට සාකච්ඡා සහ අධ්‍යයන සිදුවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ අනුව ඡන්ද විමසීමේ දී අනන්‍යතාව තහවුරු කර ගන්නේ කෙසේද, ඡන්දය සලකුණු කිරීමට පෑන භාවිත කළ යුත්තේ කෙසේද වැනි කරුණු කෙරෙහි ද අවධානය යොමුව තිබෙන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ලන්සි වත්තේ නැන්සි වගේ ඉන්න බෑ… ආණ්ඩුවේ අපි ලොකු අරගලයක ඉන්නේ…

Shiran Viraj

ආණ්ඩුව ඇතුලේ දැවැන්ත අරගලයක්.. ආණ්ඩුවේ සමහර වැඩ ජනවරමට පටහැනියි..- ගම්මන්පිල

Shiran Viraj

විදුලි බිල වැඩි වෙයි? – අලුත් ක්‍රමවේදය මෙන්න

Shiran Viraj
Translate »