mediahumanrights.lk
International NewsNews

අමෙරිකානුවන්ට දේශ සීමා විවෘත නොකරන්න යුරෝපා සංගමයේ අවධානය

අමෙරිකානු ජාතිකයින් සඳහා සිය දේශ සිමා විවෘත නොකිරිමට යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ.

අමෙරිකාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනය හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමුව ඇති බව යුරෝපා සංගමය නිවේදනය කර ඇත.

යුරෝපා සංගමය නියෝජනය කර රටවල්වල සමාජිකයින් මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර අමෙරිකානුවන්ගෙන් වෛරස ව්‍යාප්තිය සිදුවීමේ සම්භාවිතාව ඉහළ වීම මීට හේතු වී ඇති බව සඳහන්.

ට්‍රම්ප් පාලනය විසින් රෝග ව්‍යාප්තිය පාලනය උදෙසා සිදුකරන දුර්වල ක්‍රියාදාමය පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

කෙසේවෙතත් අදාළ තීරණය සම්බන්ධයෙන් යළි පසුවිපරමක් සිදුකිරිමට හෝ යළි සළකා බැලීමක් සිදුකිරිමට කටයුතු කරන බව ද යුරෝපා සංගමය ප්‍රකාශ කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

IPL පිටියට චමරි අතපත්තු එක්වෙයි

Shiran Viraj

කොරෝනා ආසාදනයෙන් සුවය ලැබු ගණන 172 දක්වා ඉහළට

Shiran Viraj

පඩි ඉල්ලා විරෝධතා කල ගුරු දෙවිවරුන් 42ක් පොලිස් අත්අඩංගුවට..

Shiran Viraj
Translate »