mediahumanrights.lk
Local NewsNews

ස්ථාන ගණනාවකින් පළගැටි උවදුර…. ඉක්මන් පියවර නොගතහොත් ගොවියා අමාරුවේ…

රජය ඉතා කඩිනමින් පළගැටි උවදුර මර්ධනය සදහා පියවර නොගන්නේ නම් මාතලේ පමණක් නොව, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, බදුල්ල දිස්ත්‍රික්ක කරා ද පළගැටි උවදුර ව්‍යාප්ත විය හැකි යැයි මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

අද මාතලේ, පැවති ගොවි හමුවක් අමතමින් රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළේ, දැන් සතියකට වැඩි කලක් දළඹු උවදුර පිළිබඳ රට පුරා සිද්ධි වාර්තා වෙනවා. නමුත්, මාතලේ දිස්ත්‍රික්කයේ දළඹු උවදුර සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් රජය ගෙන නෑ. රජය දළඹු උවදුර මර්ධනය කිරීමට වහා මැදිහත් විය යුතුයි.

අද මාතලේ ගොවීන් පොහොර හිඟය නිසා අන්ත අසරණ වී සිටිනවා. නිෂ්පාදන කුණු කොල්ලයට ගියා. රජය ගොවීන් බේරා ගැනීමට මැදිහත් වුණේ නෑ.

දැන් දළඹු උවදුර මේ ප්‍රදේශයේ ව්‍යාප්තවීම ආරම්භ වී තිබෙනවා. රජය රටේ ගොවියාගේ ප්‍රශ්න විසඳීමට පිළිබඳ කිසිදු උනන්දුවක් දක්වන්නේ නෑ. මේ ආණ්ඩුව ගොවියාට වින කරන ආණ්ඩුවක් යැයි ද පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

දරු මුණුබුරන් 78කගේ ආදරය මැද වාසනාවන්ත ජීවිතයක් ගතකරන දඹුල්ලේ මවක් – Video

Shiran Viraj

පිරවුම්හල් රැසක ඉන්ධන අවසන්.. දිගු පෝලිම්…

Shiran Viraj

රටම සංචරණ සීමා පනවා තිබියදී කොටසක් ලොක්ඩවුන් කරයි…

Shiran Viraj
Translate »