mediahumanrights.lk
Local NewsNews

පොසොන් පොහොය අදයි

ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබෙනවා.

ශ්‍රී ලාංකික ජන සමාජය සමාජ, සංස්කෘතික හා ආගමික, අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරීම උදෙසා අද වැනි පොසොන් පොහෝ දිනක සිදු වූ ඓතිහාසික සුවිශේෂී සිදු වීම හේතු වුණා.

එදා දෙවානම් පියතිස්ස රජ සමයේ සිදූ වූ අසිරිමත් මහින්දාගමනයෙන් අනුරාධපුරය ,මිහින්තලය ආලෝකමත් වූවා පමණක් නොව ශ්‍රී ලාංකික ජනසමාජයම ආලෝකමත් වුණා.

එවක් පටන් බෞද්ධයෝ විසින් පොසොන් පුර පෝය දිනය ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවෙන් මිහිදු මහරහතන් වහන්සේ සිහි කෙරෙන අතර, පින් අනුමෝදම් කරමින්, සැදැහැවත් ජනතාව ආමිෂ හා
ප්‍රතිපත්ති පූජාවේ නිරත වෙනවා.

කෙසේ වෙතත් රටේ උද්ගතව පවතින කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ආගමික ස්ථානවලට ජනතාව රැස් නොවන ලෙස සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කර තිබෙනවා. සමාජ දුරස්ථභාවය තවදුරටත් ආරක්ෂා කරමින් තම නිවාසවල සිට මෙවර පොසොන් පොහෝය දින ආගමික ප්‍රතිපදාවේ නියැලීමට බෞද්ධ ජනතාවට සිදුව තිබෙනවා.

මේ අතර රජ සමයෙන් පසුව පළමු වතාවට රාජ්‍ය පොසොන් උත්සවයක් ප්‍රකාශයට පත්කර සමරනු ලබන්නේ මෙවර පොසොන් පොහොය දිනයේ දී බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මිහින්තලයේ දී ඊයේ (04) ප්‍රකාශ කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රතන හිමි ඉල්ලා අස්වෙයි.. ඥාණසාර හිමි පාර්ලිමේන්තු වඩී…

Shiran Viraj

දකුණු අප්‍රිකාවට ශ්‍රී ලංකා කාන්තාවන් පරදී

Shiran Viraj

දුරකතන සංඥාවලට බාධා කරන උපකරණ 08ක් සමගින් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී අත්අඩංගුවට

Shiran Viraj
Translate »