mediahumanrights.lk
International News News

ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා නායකයා ගැන ඔත්තුව දුන් පුද්ගලයාට මරණ දඬුවම

ඉරාන හමුදා ප්‍රධානි ජෙනරාල් කාසීම් සුලේයිමානි ඝාතනය කිරිමට ආධාර අනුබල දුන් ඉරාන ජාතිකයෙකුට මරණ දඬුවම නියමව තිබෙනවා.

මෙලෙස මරණ දඬුවම නියමව ඇත්තේසෙයිඩ් මොහොමදු මොසාවී මජ්ඩ් නැමැත්තෙකුට බවයි ඉරාන අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කර සිටින්නේ.

මෙම ඉරාන ජාතිකයා අමෙරිකාවේ CIA සහ ඊශ්‍රායෙල් මොසෑඩ් ඔත්තු සේවයට ජනරාල් කාසීම් සුලෙයිමානි රැඳී සිටින ස්ථානය සම්බන්ධයෙන් ඔත්තු සපයා ඇති බව සඳහන්.

එලෙස ඔත්තු ලබාදිම වෙනුවෙන් අදාළ බුද්ධි අංශ වලින් ඔහුට මුදල් ද ලබාදී ඇති බවට ඉරාන අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

ඉකුත් ජනවාරි මස 03 වෙනිදා ඉරාකයේ බැග්ඩෑග් ගුවන් තොටුපොළ ආසන්නයේදී අමෙරිකාව විසින් සිදුකළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාන කුද්ස් බලකායේ අණදෙන නිලධාරි ජනරාල් කාසිම් සුලෙයිමානි ජිවිතක්ෂයට පත්විය.

මෙම සිදුවීමෙන් පසුව ඉරානය සහ අමෙරිකාව අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇතිවූ අතර ඉරානය විසින් පිළිතුරු වශයෙන් ඉරාකයේ පිහිටිඅමෙරිකානු කඳවුරකට බැලස්ටික් මිසයිල ප්‍රහාර මාළාවක් ද එල්ල කරනු ලැබුවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජාත්‍යන්තර ණය වාරික ගෙවීම කල් දමා ජනතාව කන්න බොන්න ගෙන ආ යුතුයි..

Shiran Viraj

රවීට පේන දේ බන්දුලට නොපෙනේ

Shiran Viraj

හඳුනා ගත් භාණ්ඩ කීපයක් ආනයනය කිරීම අත්හිටුවයි

Shiran Viraj