26.7 C
Colombo
2026-09-08
mediahumanrights.lk
NewsPolitical

ජනපති ගෝලීය එන්නත් සමුළුව අමතයි

ශ‍්‍රී ලංකාවේ උපදින සෑම දරුවෙකුටම ගුණාත්මක ප‍්‍රතිශක්තිකරණ සේවා ලබා ගැනීමට පහසු හා සමාන ඉඩ ප‍්‍රස්ථා සලසා ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ 2020 ගෝලීය එන්නත් සමුළුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (04) රාතී‍්‍රයේ සහභාගි වෙමින්.

ශ‍්‍රී ලංකාවේ ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන සියලූ  දිස්ත‍්‍රික්ක ආවරණවන පරිදි ක‍්‍රියාත්මක බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශය විසින් එය මෙහෙයවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත හා ලියාපදිංචි කරන ලද ගුණාත්මක එන්නත් කෙරෙහි ශී‍්‍ර ලංකාව විශ්වාසය තබා තිබෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. එන්නත් මිලදී ගැනීම ඇතුළු ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන් සඳහා අයවැයෙන් ප‍්‍රතිපාදන වෙන් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

කොවිඞ් 19 වසංගතය හේතුවෙන් ඇතැම් රටවල ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන් මේ වන විට නතර වී තිබෙන බවයි ජනාධිපතිවරයා සිහිපත් කළේ. එලෙස නතර වී ඇති ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන් නැවත ආරම්භ කිරීම ප‍්‍රමුඛතාවක් විය යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ප‍්‍රතිශක්තිය කරන වැඩසටහන් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ සාර්ථකත්වය පිළිබඳ අත්දැකීම් සහ යහ පුරුදු ජාත්‍යන්තරය සමඟ බෙදා ගැනීමටද ශී‍්‍ර ලංකාව සෑම විටම සූදානම් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඉදිරි වසර 05 තුළ ලෝකයේ දිළිදුම රටවල් කිහිපයක මැලේරියාව, කොළරාව, සරම්ප සහ එච්. අයි. වී. වැනි බෝ වන රෝග මර්ධනයට අවශ්‍ය එන්නත් බෙදා හැරීම සඳහා අරමුදල් රැස්කර ගැනීමේ අරමුණින් මෙම සමුළුව සංවිධාන කර තිබුණා.

එලෙස රැස්කර ගැනීමට ඇස්තමේන්තුකර තිබූ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 7.4ක්. රාජ්‍ය නායකයන් සහ විවිධ පදනම් ආයතනවල, පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජයේ කි‍්‍රයාකාරීන්ද විඩියෝ තාක්ෂණ ඔස්සේ ඊට සහභාගී වුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 5 ක ජයක්

Shiran Viraj

සුවය ලැබූ ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

Shiran Viraj

COVID 19 ආසාදිතව සුවය ලැබු තවත් 63දෙනෙකු රෝහල්වලින් පිටව යයි

Shiran Viraj
Translate »