mediahumanrights.lk
NewsPolitical

මැතිවරණයෙන් පසු එජාපය ආණ්ඩුවට… ජාතික ආණ්ඩුවක්.. රවි ප‍්‍රබලයෙකු සමගින් සාකච්චා..?

එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පවතින බාරකාර ආණ්ඩුවේ ප්‍රබලයෙකු සමඟ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා සාකච්ඡාවක යෙදී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

එසේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේදී එජාප කණ්ඩායමට ඇමතිධූර සහ නියෝජ්‍ය ඇමැති ධුර ලබා දීම ගැනද සාකච්ඡා කර ඇති බව ද සඳහන්ය.

ඒ ආකාරයෙන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලැබිය හැකි වනු ඇති බව ද එහිදී අවධානය මීට සඳහන්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රවි කරුණානායක මහතාගෙන් කල විමසීමකදී මෙම වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන බවත් එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණය කරවීම තම එකම අරමුණ බවත් ඔහු පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කලබල වෙන්න එපා!"ජනාධිපති රාජපක්ෂලා හිරේ දානවා"

Shiran Viraj

ක්‍රිකට් ක්‍රීඩකයින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමේ වටිනාකම ජනපති පහදයි

Shiran Viraj

භාණ්ඩ වර්ග 795ක ආනයන සීමා ඉවතට…

Shiran Viraj
Translate »