2026-09-07
mediahumanrights.lk
Local NewsNews

පොලිස් කොමිසමේ සභාපති කරූගේ සුදු රෙදි ගලවයි…

ස්වාධීන පොලිස් කොමිෂන් සභාව විසින් කරන ලද ඇතැම් මාරුවීම් අවලංගු කරන ලෙස ව්‍යවස්ථාදායක සභාවේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා තමන්ට බලපෑම් කළ බව එම කොමිසමේ සභාපති කේ.ඩබ්ලිව්.ඊ. කරලියද්ද මහතා කොමිසමේ සාමාජිකයන් හමුවේ පසුගිය බ්‍රහස්පතින්දා (14දා) පවසා තිබේ.

ඊට අමතරව එක් නියෝජ්‍ය පොලිස්පතිවරයකුට වැටුප් වර්ධකයක් ලබාදෙන ලෙසද ජයසූරිය මහතා තමනට බලපෑම් කළ බවද ඔහු එහිදී සඳහන් කර ඇත.

මේ ආකාරයට ස්වාධීන කොමිෂන් සභාවකට බලපෑම් කරන්නට කරු ජයසූරිය මහතාට ඇත්තේ කවර බලයක්දැයි යන්න දැඩි ප්‍රශ්නාර්ථයට තුඩුදෙන්නක් වී ඇතැයිද තතුදත් ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම ජයසූරිය මහතාගේ බලපෑම්වලට ස්වාධීන පොලිස් කොමිසමේ සභාපතිවරයා අවනතව ක්‍රියා කරන්නේ නම් එම කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ඇත්තේ කොහිදැයි එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

ස්වාධීන කොමිෂන් සභාවලට මේ ආකාරයෙන් එල්ල වන බලපෑම්වලට ඒවායේ ප්‍රධානීන් අවනතව ක්‍රියා කරන්නේ නම් ඒ පිළිබඳව දැඩි පියවර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු විය යුතු බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මා සමග සජීවී රූපවාහිනි විවාදයකට එන්න..- සජිත් ගෝටාට අභියෝග කරයි..

Shiran Viraj

වතු කම්කරුවන්ගේ EPF සහ ETF අරමුදල් සූරාකන තැරැව්කරුවන් පාලනයට පියවර

Shiran Viraj

දකුණු ආසියාවේ දිගම උමග ලංකාවේ ඇරඹෙයි…

Shiran Viraj
Translate »