30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
NewsPolitical

ආණ්ඩුව සීෂේල්ස් කොරෝනා රෝගීන් ලංකාවට ගෙන්වලා සගවාගෙන බෙහෙත් කරනවා..

මෙඩිකල් ටුවරිස්ම් කියමින් ආණ්ඩුව විසින් කොරෝනා වැළඳුණු සීෂෙල්ස් වැසියන් මෙරටට ආනයනය කරමින් සිටින්නේ යැයි හිටපු ඇමති චම්පික රණවක මහතා සඳහන් කරයි.

කොරෝනා රෝගීන් ලංකාවට ආනයනය කිරීමට කටයුතු කල අය සම්බන්ධයෙන් ද අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු පැවසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. ‍

ශ‍්‍රී ලාංකිකයන් 300ට වැඩි පිරිසක් සීෂෙල්ස් රාජ්‍යයේ සිරවී සිටියදී ආණ්ඩුව ඒ ගැන නොතකා මෙඩිකල් ටුවරිස්ම් කියමින් සීෂෙල්ස්හි කොරෝනා රෝගීන් ලංකාවට ආනයනය කරමින් සිටින බවද ඔහු පැවසුවේය.

එම රෝගීන් සගවා ඇති ස්ථානයන් පිළිබඳව සොයාබලා වාර්තා කරන්නැයි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කලාකරුවන්ගේ පවුල් අවුල් ප්‍රසිද්ධ වෙන්නේ මේ නිසයි

Shiran Viraj

නවතා ඇති වාහනවල ඉන්ධන සොරකම් කරයි..

Shiran Viraj

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 135 ක් අධි අවදානම්

Shiran Viraj
Translate »