31.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

Corona : එක් දිනක වැඩිම සුව වීම අදයි.. 15ක් එකවර සුව වී ගෙදර යයි..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 16 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් 665 දක්වා ඉහළ යයි.

වාර්තා වූ රෝගීන්ගෙන් 09 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් වන අතර සෙසු පිරිස 06 දෙනෙක් සුදුවැල්ල ප්‍රදේශයෙන් නිරෝධායනයට යොමු කළ පුද්ගලයින්ය. නාරාහේන්පිටල දාබරේ මාවතේ රෝගියාගේ ආශ‍්‍රීතයෙක්ද වෙයි.

එමෙන්ම මෙම කාලය ඇතුළතදී පුද්ගලයන් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් බැහැරව ගොස් තිබේ.

ඒ අනුව සුව වූ ප‍්‍රමාණය 155 දක්වා ඉහල යයි.

වසංගත රෝග විද්‍යා අංශය මේ තොරතුරු තහවුරු කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අනතුරින් 1ක් එලොව යයි

Shiran Viraj

නාගලගං වීදිය හුදකලා වෙයි

Shiran Viraj

සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉවතට..? නව ලේකම් මේජර් ජනරාල්වරයෙක්..?

Shiran Viraj
Translate »